තරුණයින් 11ක් පැහැර ගැනීම – හිටපු නාවුක බුද්ධි අධ්‍යක්ෂ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරල් සරත් මොහොට්ටි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ලබන 24 වැනිදා දක්වායි.

පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාළව විශ්‍රාමික රියර් අද්මිරල් සරත් මොහොට්ටි ඊයේ (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, 2010 වසරේදී අලව්ව පොලිස් ස්ථානය මගින් අනීතිකව අත්අඩංගුවට ගෙන සිටි තරුණයෙක් ත්‍රිකුණාමලයට රැගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයන්ට අදාළව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...