තරුණයින් 11ක් පැහැර ගැනීම – හිටපු නාවුක බුද්ධි අධ්‍යක්ෂ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරල් සරත් මොහොට්ටි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ලබන 24 වැනිදා දක්වායි.

පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාළව විශ්‍රාමික රියර් අද්මිරල් සරත් මොහොට්ටි ඊයේ (18) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, 2010 වසරේදී අලව්ව පොලිස් ස්ථානය මගින් අනීතිකව අත්අඩංගුවට ගෙන සිටි තරුණයෙක් ත්‍රිකුණාමලයට රැගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයන්ට අදාළව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...