ප‍්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ආහාර අතිරේක සදහා ඉඩක් දී ඩොලර් අර්බුදයට විසදුම් සොයමු

විද්‍යාත්මක පදනමක් මත නිපදවූ ප‍්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ආහාර අතිරේක සදහා ඉඩක් දී ඩොලර් අර්බුදයට විසදුම් සොයමු – කෝවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවෙන් ජනාධිපතිවරයාට සංදේශයක්

කොරෝනා වෛරසයට මුහුණදීම සදහා වන එන්නත්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යන අතරවාරයේදී ජනතාවගේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සදහා වන දේශීය විසදුම් වෙත යොමුවිය යුතු බවටත් ඒ හරහා විදේශ විනිමය අර්බුදයට විසදුම් සෙවිය යුතු බවටත් යෝජනා කරමින් කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරනු ලැබුවේය.

ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සදහා වන දේශීය වශයෙන් වන ආහාර අතිරේකයන් තුළින් විදේශ වෙත ඇදී යන මුදල් ප‍්‍රමාණය සීමා කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, විදේශ සංචිත අර්බුදය විසදා ගැනීමේදී එය සුබදායී ලෙස බලපානු ඇති බවත් එම සංදේශයේ සදහන් විය.

දේශිය හා බටහිර වෛද්‍යවරුන්, රසායන විද්‍යාඥයින් එක්ව විද්‍යාත්මක පදනමක් මත නිර්මාණය කළ මෙවැනි දේශීය විසදුම් මගින් රටේ ඩොලර් අර්බුදයට විසදුම් ලබාගැනීමට හැකියාවක් ලැබෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශය භාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කමිටු සාමාජික වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පැවසුවේය.

දේශීය වශයෙන් නිපදවන ලද මේඝා ප‍්‍රයිමර් ඉන්ටේක් ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ආහාර අතිරේක ලබාගත් පුද්ගලයින් හැට දහසක පමණ ප‍්‍රතිශක්තිය වර්ධන කරගනිමින් කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණදී ඇති බවද ඔහු සදහන් කළේය. මේ නිසා දේශීය වශයෙන් වන ආහාර අතිරේක අපනයනය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඒ හරහා රටට ඩොලර් ගෙන්වාගැනීමටද අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සදහන් කළේය.

කොවිඩ් මරණ වැලැක්විමේ එකමුතුව වෙනුවෙන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙම සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදුන් අතර කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැදවුම්කරු චන්දන ජයලත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...