ජනතා අරගලයට ශක්තිය පාර්ලිමේන්තුවේ තක්කඩියන්ගෙන් නොලැබෙන බව තහවුරුයි

Date:

රට පුරා ගොඩනැගුනු ජනතා බලය ගෝඨා සමඟ පාර්ලිමේන්තුවේ 225 ම හකුලාගෙන යන්න කියන පණිවිඩය ජනතාව ලබාදෙමින් ඉන්නවා. සජිත් ඇතුළු විපක්ෂයේ කණ්ඩායමට මෙන්ම මෙය අර්බුදය හමුවේ ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වුණා යැයි කියන කණ්ඩායම් වලට ආණ්ඩුවේ බලය, ජනප්‍රියතාවය, හීන කරන්නට ඊයේ දිනයේ දී මහඟු අවස්ථාවක් උදා වුණා. ගෝඨාභය තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදිස්සියේ පනවනු ලැබූ හදිසි නීතිය පාර්ලිමේන්තු ඡන්ද විමසුමකට ලක් කළ යුතුයි කියලා සුමන්දිරන් මන්ත්‍රීවරයා යෝජනාවක් ගෙනාවා. නමුත් මේ යෝජනාව සම්මත කර පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසුමකට යන්න අවශ්‍ය කරන එකඟතාවය විපක්ෂයේ කිසිවෙක් පළ කළේ නැහැ.

මෙතනදී අපට වැටහෙන කාරණය තමයි මේ පාර්ලිමේන්තුවෙන් පිට නිර්මාණය වී තිබෙන ජන බලය පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න විපක්ෂයට හෝ මේ ජනතා අරගලය හමුවේ හදිසියේ ස්වාධීන වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් වලට අදාල නොවෙන බව. අඩුම තරමේ මේ සඳහා ඡන්ද විමසීමක් අවශ්‍යයි කියලා ජන බලවේගය හෝ අදහසක්, යෝජනාවක් ඉදිරිපත් කළේ නෑ. තක්කඩි දේශපාලන ක්‍රියාවලිය හරහා ආණ්ඩුවේ බලය හීන කිරීමට තිබූ අවස්ථාවක් පාර්ලිමේන්තුව තුළදී ගිලිහී ගියා.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තවදුරටත් ආණ්ඩු පක්ෂය ජනතාවට එරෙහි වාචාල කතා කීමට ජොන්ස්ටන් වැනි හොර තක්කඩියන් යොදා ගනිමින් ඉන්නවා.

ඒ වගේම අද දිනයේදී පාර්ලිමේන්තුව තුල ගෝඨාභයට විරෝධය දක්වන්න විපක්ෂය කණ්ඩායම් වලට අවස්ථාව ලැබුණා. ගෝඨා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ විපක්ෂයේ ඉන්න තක්කඩි රෑන සාමාන්‍ය දිනක පාර්ලිමේන්තුව තුළ වචනයක් වැරදුනත් ලිංගික හැසිරීම් ප්‍රදර්ශනය කරන මුල් අද ගෝඨාට එරෙහිව විරෝධතාවයක් ගොඩ නැඟුවේ නැහැ. එසේ වූවා නම් එය ද පාර්ලිමේන්තුවෙන් පිටත අරගල කරන ජනතාවට ශක්තියක් සපයන්නට ඉවහල් වෙනවා.

අප ජනතාවට කියන්නේ මෙපමණයි. පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යමව් කියන සටන් පාඨය නිවැරදියි. පාර්ලිමේන්තුව තුළ සිටින්නේ තක්කඩි රෑනකි. මොවුන් අරගල කරන්නේ ජනතාව සමඟ හෝ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව ඔවුන්ට බලය ලබා ගැනීමට සුවපහසු වෙලාව බලා කියන එක සනාථ වී තිබේ. එය හෙයින් ගෝඨා සමග උනුන් සියළු දෙනා පලවා හැරීම යුක්ති සහගතය.

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...