සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ කලැයි චෝදනා කරමින් පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලය හරහා වෛරී ප්‍රකාශයක් සිදුකල චෝදනාව මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.

“ඊළඟ 09 වෙනිදා රට පුරා කැරැල්ලක් මෙහෙය වෙනවා. පොලිස් , ආමි පවුල් පිටින් තැන් තැන්වල, පාරවල්වල, බල්ලෝ වගේ ඉවරකරලා දාන තැනට. යාපනේ උන්ට මං දන්න දෙමළෙන් ටෝක් කරලා කෝච්චි 02 ක් පිරෙන්න මිනිස්සු ගෙන්නුවා. තනි මං එහෙම කළා නම් රටේම මිනිස්සු එකතු වුණානම් මොනවා කරන්න බැරිද”

යන ප්‍රකාශය හා,

” කාකි බල්ලොයි කැමා පිංපියොයි රනිල්ට කියලා කපාගෙන ෆයර් “

යන ප්‍රකාශ දෙක (Comments) සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරනවා.

ඒ අනුව මෙම පුද්ගලයා පසුගිය 18 වනදා ප්‍රකාශයට පත්කරන ලද හදිසි නීති රෙගුලාසි අනුව පරිඝණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔහු ඊයේ (25) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග ගර තිබෙනවා.

මෙම ප්‍රකාශයට සහය පළකළ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් දකුණු පළාත් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය කටයුතු කරමින් සිටින බව පොලීසිය නිවේදනය කරනවා.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...