හෙට රාජකාරි සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කරමින් ගුරු – විදුහල්පති සංගම්වලින් අධ්‍යාපන ලේකම්ට ලිපියක්

හෙට සිට සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකයින් රාජකාරිකාරි කටයුතු සඳහා කැඳවීමේ චක්‍රලේකයට අනුව ගුරුවරුන් හට ද පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද රාජකාරි සඳහා වාර්තා කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා ලිපියක් මඟින් දන්වා තිබේ.

එහිදී කොවිඩ් නිසා වැසුනු පාසල් යළි ආරම්භය සම්බන්ධයෙන් කිසිවක් දැනුවත් කර නොමැති අතර රාජකාරි සඳහා සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල හට රාජකාරි සඳහා වාර්තා කිරීමට දැනුවත් කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මේ වන විටත් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් යොමු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළි සිටින ගුරු විදුහල්පති සංගම් 14 එක්ව, කරුණු කිහිපයක් උපුටා දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ලිපියට අනුව පාසල්වලට පැමිණීමෙන් වැලකි සිටීමට සියලු ගුරු විදුහල්පතිවරු කටයුතු කරන බව ප්‍රකාශ කරමින්, ලිපියක් නිකුත් කර තිබේ.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන ලේකම්වරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...