හෙට රාජකාරි සඳහා පැමිණීම ප්‍රතික්ෂේප කරමින් ගුරු – විදුහල්පති සංගම්වලින් අධ්‍යාපන ලේකම්ට ලිපියක්

හෙට සිට සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකයින් රාජකාරිකාරි කටයුතු සඳහා කැඳවීමේ චක්‍රලේකයට අනුව ගුරුවරුන් හට ද පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයට ද රාජකාරි සඳහා වාර්තා කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයා ලිපියක් මඟින් දන්වා තිබේ.

එහිදී කොවිඩ් නිසා වැසුනු පාසල් යළි ආරම්භය සම්බන්ධයෙන් කිසිවක් දැනුවත් කර නොමැති අතර රාජකාරි සඳහා සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල හට රාජකාරි සඳහා වාර්තා කිරීමට දැනුවත් කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් මේ වන විටත් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් යොමු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැළි සිටින ගුරු විදුහල්පති සංගම් 14 එක්ව, කරුණු කිහිපයක් උපුටා දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ලිපියට අනුව පාසල්වලට පැමිණීමෙන් වැලකි සිටීමට සියලු ගුරු විදුහල්පතිවරු කටයුතු කරන බව ප්‍රකාශ කරමින්, ලිපියක් නිකුත් කර තිබේ.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අධ්‍යාපන ලේකම්වරයාට යොමුකළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...