Breaking News

පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව බදු පනත් කෙටුම්පත් අනුව බදු අයකෙරෙන හැටි

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙනආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ අනුව මෙම පනත්වලට අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වෙයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 41 කි.

මේ අතර දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමි විය.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතට ගෙනආ සංශෝධන 2023 ජනවාරි 01 වනදා සිට බලාත්මක වන අතර මහල් නිවාස මිලදී ගැනීමේදී සියයට 15ක වැට් බද්දක් ගෙවිය යුතු වෙයි.

කෙසේවෙතත් අදාළ වැට් බද්ද ගෙවිය යුතු වන්නේ මහල් නිවාස පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් පමණි.

මේ අතර මෙතෙක් පැවති රුපියල් මිලියන තුන්සියයක වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු සියයට 15ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කර තිබේ.

සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධන ද 2023 ජනවාරි පළමු වනදා සිට ක්‍රීයාත්මකය.

ඒ අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.

කෙසේවෙතත් මෙම බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ වෘත්තිකයන්ගෙන් විරෝධය එල්ලවෙමින් තිබේ. ඊයේ(09) මෙම බදු සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පැවති මොහොතේ පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය ඉදිරිපිට නිහඬ විරෝධයක් පැවත්වී තිබේ. වෛද්‍ය,ඉංජිනේරු,බැංකු,විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තිකයින් එයට එක්ව සිටි අතර ඔවුන් අවධාරණය කලෙසන්ශෝධිත ආදායම් බදු ප්‍රතිපත්තියේ කිසිදු යුක්ති සහගත බවක් නැති බවයි.

පසුගිය කාලයේදී විවිධ ගණුදෙනු හරහා බිලියන ගණනින් මුදල වංචා කර තිබෙන පසුබිමක ඒවා යළි ලබා ගැනීම සමබන්ධයෙන් අවධානයක් යොමුනොකර වෘත්තිකයින් දෙසට හැරීම තුළ කිසිදු සාධාරණයක් නොමැති බව එහිදී අවධාරණය කෙරුණි.

leave a reply