අරගලකරුවන් ජූලි 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට!

ගෝඨාභය-රනිල් ආණ්ඩුව පරාජය කර ජනතා ජයග්‍රහණ වෙනුවෙන් ගෙන යන අරගලයේදී ඉදිරි පෙළ ක්‍රියාකරුවන් ලෙස පොලිස් මර්දනයට ඉලක්ක කෙරුණු අරගලකරුවන් 7 දෙනකු අද මහෙස්ත්‍රාත් විසින් ජූලි 1 තෙක් රක්ෂිත බන්ධනාගාරයට නියමකර ඇත.

පොලිසිය විසින් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගන්නට නියමිත බවට අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරින් 9 දෙනකුගේ නම් ප්‍රකාශයට පත්කර තිබිණි. එනම්, වසන්ත මුදලිගේ, එරංග ගුණසේකර, ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, ජෙහාන් ශ්‍රිකාන්ත, ජගත් මනුවර්ණ, රත්කරව්වේ ජිනරතන හිමි සහ සුධම්ම හිමි වේ.

කෙසේවෙතත්, අද දින එම අරගලකරුවන් අතුරින් 7 දෙනකු මරදාන පොලිසිය වෙත පැමිණ අධිකරණය වෙත ඉදිරිපත්වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර පොලිසිය විසින් ඔවුන් මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමේදී ඔවුන් ජූලි 1 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමකර ඇත.

මෙහිදී පොලිසිය විසින් ප්‍රසිද්ධියට පත් කළ නම් අතුරින් ගල්වැව සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ පොලීසියට භාරනොවු බවද පොලීසිය මහෙස්ටත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කළේය.

මෙම විරෝධතාකරුවන් විසින් පොලිස් මූලස්ථානය ඉදිරිපස විරෝධතාවකදී පොලිස් මාර්ග බාධක පෙරළීමෙන් රු. 60,000ක අලාභයක් සිදුකර ඇති බවට මූලික වශයෙන් චෝදනා ඉදිරිපත් කරනු ලැබිණි. නමුත් අද දින විරෝධතාකරුවන් 7 දෙනකු මහෙස්ත්‍රාත් හමුවට ගෙනැවිත් පොලිසිය පවසා ඇත්තේ රුපියල් 179,000 ක අලාභයක් සිදුකර ඇති බවයි.

මේ අනුව පොලිසිය දෙවන වරට චෝදනා ගොනු කිරීමේදී අලාභයේ වටිනාකම ඉහළ නංවා ඇත්තේ පොදු දේපළ පනතට අනුව, විරෝධතාකරුවන් ඇප ලබා නොදෙන ආකාරයෙන් බන්ධනාගාරයට කොටුකර තැබීමේ චේතනාවෙන් බව පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...