මලක් නොපිපෙන ඉපල් ගසකින් මී මැස්සෙකුට නම් පලක් නැත

(සරත් සමයේ උපන් මී මැස්සියක් කොළ හැළුණු ඇපල් ගසකට සරදම් කරයි . මහලු මී මැස්සියක් පහදා දෙයි ඇයට සොබාදහමේ අරුම )

ඵල දැරූ සරු ගසක්
දැන් ඔහොම තිබුනට
පත් හැලී
ඉපල් සේ පෙනුනට

උඹ තවම පොඩි වැඩියි
මේ අරුම ලෝකෙට
ගස් නිදන කාලයයි මේ
පත් හලා පොළොවට

අර ඈත කඳු මුදුන්වල
තුඟු තුරු හිස් වල
කහ රතු දුඹුරු පාටට
මල් නෙවෙයි ඔය තියෙන්නේ
තුරු ලියෙන් සමුගෙන
ඉගිල යන්නට මඟ බලන
පත් තමයි රන්වන්ව දිලෙන්නේ

සුළං හා එක්ව
මවු තුරෙන් නික්ම
ඈතට ඉගිළ යන පත් සේම
මව් තුරේ පාමුල
වැටි සිසිරය පහව යන තෙක්ම
මව් තුරට උණුසුම සදා
පොලවට පස් වෙන
පත් තිබේ ඔය අතර

දැන් ඉතින් එළඹෙන්නේ
රැජිණව තුරුලුකර
අපත් නිදන කාලයයි

තුරුපත් හැලී
ගස් ඉපල් වෙනවා සේම
හිත හදාගන්න වෙයි උඹටත්
තව ටික දිනකින්
සහෝදරයන් සේම
ජනපද පිරිමි මැස්සන්ද මියයාවී

ගැහැණු අපි තනිවෙනවා
පෙර සිසිර වල සේම
ඉතිං එහෙමයි සොබාදහම

හිල්මි සුපුන්
20210917
(ශීත සෘතුවේදී පිරිමි මී මැස්සන් මියයයි)

Share post:

Popular

වෙනත් පුවත්

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...