විල්පත්තු ජාතික වනෝද්‍යානය පෙරණ කලාපය නැවත වනසයි.

කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් ඇත. පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තුව ජාතික වනොද්‍යානයේ පෙරණ කලාපය රාජාංගනය යාය 18 ගමිමානය අවසානයේ ඇති කෑලෑ මෙලෙස එළි කරන්නේ අවුරා ලංකා පුද්ගලික සමාගම විසිනි. නිතිවිරෝධි ලෙස පසුගිය වසර වන විට ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය විනාශ කර වැවක්ද නිර්මාණය කර තිබිනි. එයට අමතරව අද වන විට තවත් ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපය වන සංහාරයට ලක්කරමින් කොමාරිකා වගාව වෙනුවෙන් එළිපෙහෙලි කරමින් ඇති අයුරු 19.02.2021 දින පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයේ නිරික්ෂණ ඛංඩායමකට නිරික්ෂණය වු අයුරු ඉහත ජායා රූප වල සටහන් කොට ඇත. ජාතික වනෝද්‍යානයක පෙරණ කලාපයක් වැනසීම වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනව දඩුවමි ලැබිය හැකි වරදක් වුවත් දේශපාලකයන්ගේ සහය ඇතිව අදටත් විල්පත්තු ජාතික වනෝද්‍යානය වනසමින් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...