ජනතාවට තවත් බඩේ පහරක් – භූමිතෙල් මිලත් වැඩිකරන ලකුණු

භූමිතෙල් මිල ද ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා

ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්.

භූමිතෙල් ලීටරක් මේ වනවිට අලෙවි කෙරෙනුයේ රුපියල් 87 කට බවත් තෙල් සංස්ථාවට ලීටරයක් වෙනුවෙන් රුපියල් හාරසිය විස්සක් වියදම් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

මේ අවස්ථාවේ සමාජයේ පහළම තීරුව නියෝජනය කරන බොහෝ ජනතාවක් ආහාර පිසීම සඳහා අවශ්‍ය උඳුන් දල්වා ගන්නේ භූමිතෙල් බාවිතයෙන් වන අතර එහි මිල වැඩිවීම ජනතාවට දරා ගත නොහැකි දෙයක් වනු ඇත. පසුගිය සමයේ ජනතාව දින ගණන් භූමිතෙල් ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටිනු දැකිය හැකිවිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...