ජනතාවට තවත් බඩේ පහරක් – භූමිතෙල් මිලත් වැඩිකරන ලකුණු

භූමිතෙල් මිල ද ඉදිරි දින කිහිපයේදී අනිවාර්යෙන්ම වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා

ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්.

භූමිතෙල් ලීටරක් මේ වනවිට අලෙවි කෙරෙනුයේ රුපියල් 87 කට බවත් තෙල් සංස්ථාවට ලීටරයක් වෙනුවෙන් රුපියල් හාරසිය විස්සක් වියදම් වන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

මේ අවස්ථාවේ සමාජයේ පහළම තීරුව නියෝජනය කරන බොහෝ ජනතාවක් ආහාර පිසීම සඳහා අවශ්‍ය උඳුන් දල්වා ගන්නේ භූමිතෙල් බාවිතයෙන් වන අතර එහි මිල වැඩිවීම ජනතාවට දරා ගත නොහැකි දෙයක් වනු ඇත. පසුගිය සමයේ ජනතාව දින ගණන් භූමිතෙල් ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටිනු දැකිය හැකිවිය.

 

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...