ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන්ට දුන් පොරොන්දුව ඉටුකර නැහැ

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම උදෙසා ලබා දුන් යෝජනාවලිය පිළිබඳව එකඟතාවයක් ලබාදීමට ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන තුරු කල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමකට අනුව වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටවූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

එහෙත් මේ වනවිට වර්ජන ක්‍රියාමාර්ග අත්හිටුවා සති දෙකක කාලයක් ගත වී ඇති බවත්, මෙතෙක් කිසිවෙකු හෝ ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නොමැති බවත්, ඔහු පවසනවා.

සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීම සාඳහා බලධාරීන්ගේ මැදිහත් වීම ඉතා අවම වීම පිළිබඳව සැලකිල්ලට ගෙන හෙට (30) සෞඛ්‍ය අමාත්‍යාංශය අවට රෝහල් වල කාර්‍යමණ්ඩලයේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් හා විරෝධතාවයක් දියත් කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කළ බව ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඒ සඳහාත් ප්‍රතිචාර නොමැති නම් පෙබරවාරි 01 වැනිදා සිට දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටද සෞඛ්‍ය සන්ධානයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...