ක්ෂුද්ර මුල්ය වින්දිතයින් වසර 5කට ආසන්නව LOLC, HNB ෆිනෑන්ස්, කොමර්ෂල් ක්රෙඩිට්, බිම්පුත්, නේෂන් ලංකා, මර්චන්ට් බැංකුව, විෂන් ෆන්ඩ් ආදී ප්රමුඛ පෙලේ මුල්ය මංකොල්ලකාරයින් කරගෙන යන විනාශකාරී ක්ෂුද්ර මුල්ය ව්යාපාරය ගැන කරුණු ඉදිරිපත් කරමින් සිටිනවා. කිසිදු සොයා බැලීමක් නැතුව, ඉතාම ඉහල පොලියකට ‘පහසු’ ණය ලබා දීම නිසා ගම්වල කාන්තාවෝ ගෙවාගන්න බැරි ණය කන්දකට යට වෙලා. ගෙවන්න බැරි ණය කොහොම හරි අය කරගන්න උත්සහ කරන මුල්ය කොම්පැණී ගම්වල මුල්ය මාෆියාකරුවන් විදිහටයි කටයුතු කරන්නේ. ණය ගෙවන්න බැරි කාන්තාවන්ට බනිමින්, ණය නොගෙව්වොත් ජීවත් වන ගෙයිනුත් එලියට දානවා, ඉඩම අත්පත් කරගන්නවා ආදී වශයෙන් තර්ජනය කරමින්, ලැජ්ජාවට පත් කරමින්, අපහාස කරමින් මේ ප්රමුඛ පෙලේ මුල්ය මාෆියාකරුවන් මුල්ය භීතිකාවක් ගම්වල ඇති කරලා තියෙනවා.
ලංකාවේ කාන්තාවෝ කොච්චර මේ මුල්ය හිංසකයෝ සහ ඔවුන්ගේ හිංසන පිලිබඳ සාක්ෂි සපයමින් ආණ්ඩුව, ප්රධාන පෙලේ දේශපාලඥයෝ දැනුවත් කලත් ප්රතිපලයක් නැහැ. සියළු ක්ෂුද්ර මුල්ය ණය අහෝසි කරනවා කියලා චන්ද කරලා චන්දේ දිනුවාට පස්සේ ඔවුන් කරලා තියෙන්නේ මුල්ය මංකොල්ලකාරයෝ ආරක්ෂා කරන එක. අලුත්ම උදාහරනේ තමයි ක්ෂුද්ර මුල්ය සහ ණය නියාමන අධිකාරි පනත.
ක්ෂුද්ර මුල්ය වින්දිතයෝ තමන් මුහුණ පාන ක්ෂුද්ර මුල්ය අර්බුදය ඇති සැටියෙන් කරුණු වාර්තා කර තිබෙනවා. ක්ෂුද්ර මුල්ය ණය ගම් වලින් ප්රතික්ෂේප වෙද්දි විකල්ප විදිහට ඉදිරියට එන සමුපාකාර සහ ප්රජාමූල සේවා සපයන කාන්තා සංවිධානත් මංකොල්ලකාරී ක්ෂුද්ර මුල්ය සපයන මුල්ය කොම්පැනි නිසා තම ණය සේවාවලට අත්විදින්න වෙලා තිබෙන අනිටු විපාක පිලිබඳ ආණ්ඩු දැනුවත් කරලා තියෙනවා. ඒවා ඔක්කොම තිබියදී, වින්දිතයෝ හෝ ප්රජාමුල සංවිධානවලින් කිසිදු විමසීමක් හෝ තොරතුරු ලබාගැනීමක් තොරව නියාමන අධිකාරි පනතක් ආණ්ඩුව ගෙනල්ලා.
මංකොල්ලකාරයෝ නියාමනයෙන් නිදහස් කරලා ගම්වල මිනිස්සු එකතු වෙලා මරණෙකට, හදිසියකට සහයක් වෙන්න හදාගත්ත මරණාධාර සමිති, කාන්තා සමිති නියාමනය කරන්න තමයි පනත යෝජනා කරන්නේ.
පනත දකින කෙනෙක් හිතන්නේ පනත හදන්න ඇත්තේ මංකොල්ලකාරයින්ගේ නියෝජිතයෝ කියලා.
මුදල් රාජ්ය අමාත්යවරු වෙන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය වගේම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ කියන්නේ මේ පනත අනිවාර්යෙන්ම ගෙන එනවා, ක්ෂුද්ර මුල්ය සහ ණය ණය සපයන්නෝ නියාමනයට කියලා.
වින්දිතයෝ හරි ප්රජාමුල සංවිධාන හරි නියාමනයට විරුද්ධ නැහැ. ඔවුන් දිගින් දිගටම නියාමන යාන්ත්රණයක් ඉල්ලුවා. ලොකු මුල්ය කොම්පැනි ණය දෙන මුවාවෙන් මිනිස්සු මංකොල්ලකන නිසා, ඔවුන්ට ක්ෂුද්ර මුල්ය සේවා සපයන්න ඉඩ දෙන්න එපා කියලත් මිනිස්සු ආණ්ඩුවෙන් ඉල්ලුවා.
හැබැයි ආණ්ඩුව මුල්ය මංකොල්ලකාරයින්ගේ ඒජන්තයෙක් කියලා ක්ෂුද්රමුල්ය නියාමන අධිකාරි පනතෙන් ඔප්පු කරලා තියෙනවා.
ජනවාරි 09 පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒක සම්මත වෙලා නීතිය වුනාම ගමේ මිනිස්සු එකතු වෙලා, අවුරුදු ගානක් තමන්ගේ සාමාජික මුදල් වලින් ගොඩ නඟාගත්ත මරණාධාර සමිතිය, කාන්තා සමිතිය, සුභ සාධක සමිතිය දැන් කරගෙන යන විදිහට පවත්වාගෙන යන්න වෙන්නේ නැහැ. ණය නිකුත් කරන්නේ මොන පොලියකටද, ඉතිරුම් සීමා කිරීම්, සමිතියේ නිලධාරීන්ගේ අධ්යාපන සුදුසුකම් මොනාද … ඔක්කොම තීරණය කරන්නේ අධිකාරිය. වාර්ෂිකව අධිකාරිය කියන ගාස්තුවක් ගෙවලා බලපත්රයක් ගන්න වෙනවාට අමතරව සමිති කොහොමද පවත්වාගෙන යන්නේ කියලා තීරණය කරන්නට සාමාජිකයෝ සතු අයිතිය සම්පුර්ණයෙන්ම ණය නියාමන අධිකාරියට යටත් කරන්න වෙනවා.
ගමේ මරණාධාර සමිතිය, කාන්තාවෝ එකතු වෙලා හදා ගත්ත කාන්තා සංවිධාන මේ ආකාරයට මර්ධනය කරන අතරේ LOLC, HNB ෆිනෑන්ස්, කොමර්ෂල් ක්රෙඩිට්, බිම්පුත්, නේෂන් ලංකා වගේ මුල්ය මංකොල්ලකාරයින්ට අවශ්යය විදිහට ගම කොල්ලකන්න ආණ්ඩුව ඉඩ දෙන්නේ ඇයි?
ණය කඳු වලට යට නොවී, මුල්ය කොම්පැනිවල වහල්ලු නොවී මිනිස්සුන්ට දියුණු වෙන්න අවශ්යය මුල්ය සේවා ආණ්ඩුව හෝ වෙළෙඳපල සපයන්නේ නැත්නම්, ඒවා තමන් විසින්ම ගොඩ නඟා ගන්න ඇති ඉඩ ආණ්ඩුව පනත් වලින් නැති කරන්නේ ඇයි?