බාල බෙහෙත් ගෙන්වීමෙන් කෝටි 15ක පාඩුවක්

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස31 වැනිදා වනවිට තත්වයෙන් අසමත්, කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය කෝටි 34කට වැඩි බවත් සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානි වූ ඖෂධ වල මුළු පිරිවැය කෝටි හයක් බවත් වාර්තාවේ දැක්වේ.

ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් ඖෂධ වල මුළු පිරිවැය කෝටි තුනකට වැඩි මුදලකින් දෙකෝටි තිස් හය ලක්ෂයක මුදලක් පසුගිය වසරේ මාර්තු 31 වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

මේ අතර අසාධු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ කෝටි තිහකට වැඩි මුදලක් අය කර ගැනීමද අවිනිශ්චිත තත්ත්වයක පැවතුණු බව විගණන නිලධාරීහු පවසති.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...