වහල් සේවය පවත්වා ගැනීමට යුධ වැදුණු කොන්ෆෙඩරේට් කොඩිය සහ ලින්කන්

ඇමරිකානු සිවිල් යුද්ධය ඇති වූයේ 1861 වසරේ දී දකුණේ ප්‍රාන්ත රාජ්‍ය හතක් එක්සත් ජනපදයෙන් වෙන් වීමට තීරණය කිරීමත් සමගිනි. මෙයට හේතුව වූයේ කළු ජාතිකයන් ගේ වහල් බව අහෝසි කිරීමට එම ප්‍රාන්ත රාජ්‍ය අකමැති වීමයි. එම ප්‍රාන්ත රාජ්‍ය එකතු වී පිහිටුවා ගත් නොනිල රාජ්‍යය හැඳින්වූයේ ‘කොන්ෆෙඩරසිය’ (Confederacy) කියාය.

ඒබ්‍රහම් ලින්කන් ගේ පාලනයෙන් යුත් නිල එක්සත් ජනපද රාජ්‍යයට විරුද්ධව කොන්ෆෙඩරේට් හමුදාව වසර ගණනක් යුද්ධ කිරීමෙන් පසු අවසානයේ දී පරාජය විය. 1865 දී ලින්කන් විසින් වහල් ක්‍රමය අහෝසි කරන ලදී. ඊයේ ඇමරිකානු ජනාධිපතිවරණ නිල ප්‍රතිඵල වලට විරෝධය පල කරමින් ඇමරිකානු ව්‍යවස්ථාදායකයේ නිල ගොඩ නැගිල්ලට කඩා වැදුණු පිරිස අතර සිටි ‘ජාතිකත්වයක් ඇති’ ට්‍රම්ප් සහායකයෙක්, වහල් සේවය පවත්වා ගැනීමට යුධ වැදුණු කොන්ෆෙඩරේට් කොඩිය, ඒබ්‍රහම් ලින්කන් ගේ සිතුවම ඉදිරියේ, ඔසවමින්.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...