පෙ.ස.ප ප්‍රධාන ලේකම් සහ C.G.I.L. නියෝජිතයන් අතර හමුවක්

යුරෝපා සංචාරයක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා මේ දිනවල ඉතාලියට ගොස් සිටි යි .ඒ හිදී ඉතාලිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් හමුවීමත් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් සංවිධාන පුළුල් කිරීමේ කටයුතුවල නියැලෙන අතර ඉතාලියේ වෘත්තිය සමිති ව්‍යාපාර වාමාංශික සංවිධාන හමුවීම ද සිදුකරයි. පසුගිය ඔක්තෝබර් 24 වනදා ඉතාලියේ විශාලතම වෘත්තිය සමිති ව්‍යාපාරය වන C.G.I.L. (ඉතාලි කම්කරු පොදු සම්මේලනය) වෘත්තිය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡා කළා.

එහිදී දෙරටේ කම්කරු ගැටලු පිළිබඳවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළ අතර දෙපාර්ශවයේ වෘත්තිය සමිති අතර ඒකාබද්ධතා ඇතිකර ගැනීමට හැකි ආකාරය පිළිබඳව කරුණු හුවමාරු කරගත්තා . එම හමුව ඔක්තෝබර් 24 වන දා සවස 4.30 ට C.G.I.L. බ්‍රෙෂිය මූනස්ථානයේදී පවත්වනු ලැබුවා. එම හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා සමඟ ඉතාලියේ ප්‍රධාන සංවිධායක තීමස් විජිත් සහෝදරයා සහභාගි විය.

C.G.I.L. (ඉතාලි කම්කරු පොදු සම්මේලනය) වෙනුවෙන් එහි පළාත් ලේකම් ෆ‍්‍රන්චෙස්කෝ බෙර්තොලි (FRANCESCO BERTOLI) විගාමික කාර්යාලයේ ප‍්‍රධානී ද්‍රීස් එන්නියා (DRISS ENNIYA) සහ වෘතීය සමිති නියෝජිත ඉබ‍්‍රාහිම් ග්නියානි (IBRAIM EGNIANI) යන අය සම්බන්ධ විය.

කුමාර් ගුණරත්නම් සහෝදරයා ඔක්තෝබර් 31 වැනිදා මිලානෝ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියෝජිතයන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කළා.

31 වැනිදා C.G.I.L. මිලානෝ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියෝජිතයන් හමුව

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...