පෙ.ස.ප ප්‍රධාන ලේකම් සහ C.G.I.L. නියෝජිතයන් අතර හමුවක්

යුරෝපා සංචාරයක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා මේ දිනවල ඉතාලියට ගොස් සිටි යි .ඒ හිදී ඉතාලිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් හමුවීමත් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් සංවිධාන පුළුල් කිරීමේ කටයුතුවල නියැලෙන අතර ඉතාලියේ වෘත්තිය සමිති ව්‍යාපාර වාමාංශික සංවිධාන හමුවීම ද සිදුකරයි. පසුගිය ඔක්තෝබර් 24 වනදා ඉතාලියේ විශාලතම වෘත්තිය සමිති ව්‍යාපාරය වන C.G.I.L. (ඉතාලි කම්කරු පොදු සම්මේලනය) වෘත්තිය සමිති සාමාජිකයන් සමඟ සාකච්ඡා කළා.

එහිදී දෙරටේ කම්කරු ගැටලු පිළිබඳවත් ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කළ අතර දෙපාර්ශවයේ වෘත්තිය සමිති අතර ඒකාබද්ධතා ඇතිකර ගැනීමට හැකි ආකාරය පිළිබඳව කරුණු හුවමාරු කරගත්තා . එම හමුව ඔක්තෝබර් 24 වන දා සවස 4.30 ට C.G.I.L. බ්‍රෙෂිය මූනස්ථානයේදී පවත්වනු ලැබුවා. එම හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා සමඟ ඉතාලියේ ප්‍රධාන සංවිධායක තීමස් විජිත් සහෝදරයා සහභාගි විය.

C.G.I.L. (ඉතාලි කම්කරු පොදු සම්මේලනය) වෙනුවෙන් එහි පළාත් ලේකම් ෆ‍්‍රන්චෙස්කෝ බෙර්තොලි (FRANCESCO BERTOLI) විගාමික කාර්යාලයේ ප‍්‍රධානී ද්‍රීස් එන්නියා (DRISS ENNIYA) සහ වෘතීය සමිති නියෝජිත ඉබ‍්‍රාහිම් ග්නියානි (IBRAIM EGNIANI) යන අය සම්බන්ධ විය.

කුමාර් ගුණරත්නම් සහෝදරයා ඔක්තෝබර් 31 වැනිදා මිලානෝ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියෝජිතයන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කළා.

31 වැනිදා C.G.I.L. මිලානෝ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියෝජිතයන් හමුව

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...