ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදේශ ආයෝජන සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුකූලව මෙම පත්වීම සිදු කර ඇත. ගෝලීය ආයෝජන හවුල්කාරිත්වයන් පිළිබඳ හනිෆ් යූසුෆ්ගේ අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහුගේ දිගුකාලීන දායකත්වය මෙන්ම රජයේ ආර්ථික පුනර්ජීවන වැඩසටහනට සහාය වීමට ඔහුට ඇති හැකියාව මත මෙම පත්කිරීම සිදුකළ බව ආණ්ඩුව පවසයි.
හනීෆ් යූසුෆ් යනු මෙරට ප්‍රමුඛ පෙළේ අපනයන සමාගමක හිමිකරුවෙකි. පසුගිය සමයේ රට තුළ පොල් හිඟයක් ඇතිවී පොල් මිල විශාල වශයෙන් ඉහළ යාමට හේතුව ලෙස ඉදිරිපත් වූවේ ඔහුට අයත් සමාගම් හරහා පොල් විශාල වශයෙන් අපනයනය කිරීමයි.


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	