බස්නාහිර පළාත් ආණ්ඩුකාරයාට තවත් පත්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදේශ ආයෝජන සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුකූලව මෙම පත්වීම සිදු කර ඇත. ගෝලීය ආයෝජන හවුල්කාරිත්වයන් පිළිබඳ හනිෆ් යූසුෆ්ගේ අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහුගේ දිගුකාලීන දායකත්වය මෙන්ම රජයේ ආර්ථික පුනර්ජීවන වැඩසටහනට සහාය වීමට ඔහුට ඇති හැකියාව මත මෙම පත්කිරීම සිදුකළ බව ආණ්ඩුව පවසයි.

හනීෆ් යූසුෆ් යනු මෙරට ප්‍රමුඛ පෙළේ අපනයන සමාගමක හිමිකරුවෙකි. පසුගිය සමයේ රට තුළ පොල් හිඟයක් ඇතිවී පොල් මිල විශාල වශයෙන් ඉහළ යාමට හේතුව ලෙස ඉදිරිපත් වූවේ ඔහුට අයත් සමාගම් හරහා පොල් විශාල වශයෙන් අපනයනය කිරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...