අර්බුදයට ඇති උත්තරේ ගැන ළහිරු කිව්වා කතාව

ජන අරගල ව්‍යාපාරය ලෙස තමන්ට ඇති වැඩපිළිවෙල පළමුවෙන් එළවීම බවත් දෙවනුව ජනතාව තීරණ ගැනීම බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික සභාවේ සාමාජික, Youth for CHEnge සංවිධායක ලේකම් ළහිරු වීරසේකර පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) නුගේගොඩ පැවති හොඳටම ඇති… එලවමු! ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත් වූ රැස්වීම අතරතුරයි.

ළහිරු වීරසේකර වැඩිදුරටත් පැවසුවේ,

”ජනවාරි මාසෙ ඉදලා භාණ්ඩ 97ට වැට් බද්ද සියයට 18න් වැඩිවුණා. 2022 වෙද්දී පවුලක වියදම තිබුනේ 55000යි. 2023 වෙද්දී එක්ලක්ෂ 77 දහස දක්වා ඇවිල්ල. වැටුප් වැඩිවුනාද? වැටුප් වැඩිවුණේ නැහැ. ආණ්ඩුව මේකට හරි අපූරු උත්තරයක් දීලා තියෙනවා. වෙන රස්සා කරන්න වෙලා. නැත්තම් වෙන රස්සා නැතුව අම්මලා තාත්තලාට දරුවොත් එක්ක වස බොන්න වෙලා. අද පත්තරේ තියෙනවා අපූරු ප්‍රවෘත්තියක්. ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර රැකියා කරන්න අවස්ථාව හදනවලු. ඒකට පුහුණුව දෙනවලු. ත්‍රීරෝද රථ රස්සාව කියන්නේ රස්සාවක් නෙමෙයිද? ඒක කරන මන්සුස්සයෙකුට තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් තියෙන්න ඕන නැද්ද? තෙල්, ටෙලිකොම්, තැපැල් ඇතුළු රාජ්‍ය දේපොළ විකුණලා රාජ්‍ය සේවය බිඳ වට්ටනවා. පෞද්ගලික සේවකයාට තිබුණු ආරක්ෂණය නැති කරනවා. ස්වයං රැකියාවක් කරන කෙනෙකුට ඒක කරගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය කරලා ඉවරයි. විශ්‍රාම වැටුප කැපුවට පස්සේ රාජ්‍ය සේවය අඩපණ කරාට පස්සේ අපි කතා කරන්නේ කා ගැනද?

අර්බුදය තවත් එන්න දෙයක් නැහැ. මේකට උත්තර විදිහට වෙන මුකුත් ආණ්ඩුව කියන්නේ නැහැ. ආණ්ඩුව කියන්නේ පාරට බහිනවා නම් ගහනවා. සමාජ මාධ්‍ය ඇතුලේ කට අරින්න එපා. ඒවාට අපි නීති ගෙනත් තියෙන්නේ කියලා ආණ්ඩුව කියනවා. මැති ඇමතිවරු ජනතාවට තර්ජනය කරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේකට උත්තරේ අපි කියන්න ආවේ. උත්තරේ ඔබත් එක්ක සම්බන්ධ උත්තරයක්. සමහර අයට උත්තරේ තියෙන්නේ මැතිවරණ ඇතුලේ. අපි කියන්නේ මැතිවරණ තියෙන්නේ ඕනා. මැතිවරණ දෙන්නේ නැත්තම් ඒකට ෆයිට් කරන්න ඕනා. හැබැයි මැතිවරණයක් තිබුනට පස්සෙත් මේ ආර්ථිකයේ වෙනසක් වෙන්නේ නැත්තම්, ව්‍යවස්ථාවේ වෙනසක් වෙන්නේ නැත්තම්, මිනිස්සු මේ විදිහටනම් ජිවත් වෙන්න වෙන්නේ වැඩක් නැහැ. මැතිවරණය වෙලාවෙත් මැතිවරණයෙන් පස්සෙත් දේවල් වෙනස් කරන්න නම් අඛණ්ඩව තිබිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ජනතා අරගලය. ජනතාවගේ බලය. ජනතාව සංවිධානය වීම. ජනතා නියෝජිතයන්ට බලපෑම් කළ හැකි බලයක් ගොඩනැගීම. මේක තමයි තියෙන උත්තරේ. එහෙම නැත්තම් මේක කෙළවර වෙන්නේ කොහෙන්ද? අන්න දැන් අනපනත් ගෙනල්ලා පෙන්නමින් යනවා මර්දනයක් ගේනවා කියලා. ජන බලයක් නැතිවුනොත් එහෙම මැතිවරණයකින් පස්සේ මහා ඛේදවාචකයකින් මේක කෙළවර වෙන්න පුළුවන්. ආණ්ඩුවේ සැලැස්ම තියෙන්නේ එතනට. ආණ්ඩුවේ සැලැස්ම තියෙන්නේ එතනට. එහෙනම් අපි ඒ සැලැස්මට අනුව වැඩ කරනවද? රනිල්ගේ පිට්ටනියේ සෙල්ලම් කරනවද? එහෙම නැත්තම් අපේ පිට්ටනියට ගෙන්වල රනිල් රාජපක්ෂලාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකට තියලා පරාජයට පත්කරනවද කියන කතාව තමයි අපිට ගන්න තියෙන්නේ. ගොඩක් අය අහනවා අපේ වැඩපිළිවෙල. අපේ වැඩපිළිවෙල තමයි අරගලයට ජවය – ජනතාවට බලය. පළවෙනි එක තමයි දැන් හොදටම ඇති එළවන්න ඕනා. එතනින් පස්සේ කතාව මොකක්ද? එතනින් පස්සේ තීරණ ගන්නේ මිනිස්සු. වල්සපුගල ගොවියාට පුලුවන්නම් වන අලි ප්‍රශ්නයට විසදුම මොකක්ද කියලා කියන්න. ධිවරයට පුලුවන්නම් තමන්ගේ අස්වැන්නේ මිල තීරණය කරන්න. කම්කරුවට පුලුවන්නම් ලාභය කොච්චරද ඒක බෙදිලා යන්නේ කොහොමද කියලා තීරණය කරන්න, ගෙදර වැඩකරන අම්මගේ ශ්‍රමයටත් වටිනාකමක් හම්බවෙනවනම් අන්න එතන තමයි ජනතා බලය කියන්නේ. ”

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...