මහර මියගිය රැඳවියන් සියලු දෙනා වෙඩි තබා ඝාතනය කළ බව සනාථ වේ

මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.

2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් පෙර ආණ්ඩුවේ ඇමතිවරු විවිධ ප්‍රකාශ කරනු දැකිය හැකිවිය. විශේෂයෙන් මත් පෙති භාවිතයෙන් ප්‍රචන්ඩත්වය ඇති වූ බවට විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශ කළ අතර ඖෂධ ගබඩාව කඩා දැමීම පසුපස ඇත්තේ එම පෙති ලබාගැනීම බවට මත පළ විය. නමුත් එවැනි පෙත්තක් ලබාගත් බවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

එසේම තවත් එවැනිම පට්ටපල් බොරුවක් ඇදබෑවේ බන්ධනාගාර කළමනාකාර රාජ්‍ය ඇමති ලෙස පත් කළ ලොහාන් රත්වත්තේයි. ඔහු පැවසුවේ මෙම සිදුවීමේදී රැදවියන් එකිනෙකා පහරදීමෙන් මරණයට පත්ව ඇති බවය. කිසිදු වෙඩි තැබීමක් සිදුව නැති බවයි.

මේ ආකාරයට පාර්ලිමේන්තුව තුළ ප්‍රසිද්ධියේ බොරු ප්‍රකාශ කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවන රටකදී නම්, අපරාධ නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කර දඬුවම් ලබාදිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...