මහර මියගිය රැඳවියන් සියලු දෙනා වෙඩි තබා ඝාතනය කළ බව සනාථ වේ

මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන් 11 දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.

2020 නොවැම්බර් 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් පෙර ආණ්ඩුවේ ඇමතිවරු විවිධ ප්‍රකාශ කරනු දැකිය හැකිවිය. විශේෂයෙන් මත් පෙති භාවිතයෙන් ප්‍රචන්ඩත්වය ඇති වූ බවට විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රකාශ කළ අතර ඖෂධ ගබඩාව කඩා දැමීම පසුපස ඇත්තේ එම පෙති ලබාගැනීම බවට මත පළ විය. නමුත් එවැනි පෙත්තක් ලබාගත් බවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

එසේම තවත් එවැනිම පට්ටපල් බොරුවක් ඇදබෑවේ බන්ධනාගාර කළමනාකාර රාජ්‍ය ඇමති ලෙස පත් කළ ලොහාන් රත්වත්තේයි. ඔහු පැවසුවේ මෙම සිදුවීමේදී රැදවියන් එකිනෙකා පහරදීමෙන් මරණයට පත්ව ඇති බවය. කිසිදු වෙඩි තැබීමක් සිදුව නැති බවයි.

මේ ආකාරයට පාර්ලිමේන්තුව තුළ ප්‍රසිද්ධියේ බොරු ප්‍රකාශ කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවන රටකදී නම්, අපරාධ නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කර දඬුවම් ලබාදිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...