ආර්ථික ඝාතකයා ගැන ස්වයං චරිතාපදානයක්

Date:

මහබැංකු බැඳුම්කර ව්‍යාපාරය ජාවාරම්කාර අඩවියකට ප්‍රවේශ වන්නේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේය. රටක මහබැංකුව, අධිකරණය තරමටම ස්වාධීනව පැවතිය යුතු වුවද එය රාජපක්ෂ පවුලට අයත් බුධලයක් කළේ කබ්රාල්ය. රාජපක්ෂ හොර පවුල ලෝකය ඉදිරියේ සුදු කරන්නට 2014 දී ඇමරිකන් සීඅයිඒ හොරෙකු වූ ඉමාඩ් සුබෙරි ට භාණ්ඩාගාරයෙන් ගෙන ඩොලර් මිලියන 6.5 ක් දුන්නේ කබ්රාල්ය. අජිත් නිවාඩ් කබ්රාල්ගේ මහ බැංකුව ඔහුට ගෙවූ ඩොලර් මිලියන 6.5 න් ඩොලර් මිලියන 5.65 ක් ඔහු සාක්කුවේ දාගෙන ඇති බව ඇමරිකානු නඩු තීන්දුවෙන් කියැවෙයි. අජිත් නිවාඩ් කබ්රාල් යනු මහජන මුදල් සමග සූදුකෙළි සූදු අන්තුවෙකි.

මහිංද රාජපක්ෂ නැමති හොරමුලේ නායකයා සමග 2011 දී ඔහු මහබැංකු අධිපති වශයෙන් සිටියදී, ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමට යොමු විය. ඒ වන විට, ග්‍රීසිය යනු යුරෝපයේ රටවල් අතරින් විශ්වාසය අන්තයටම බිඳගෙන සිටි සහ ඉතා ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් තිබූ ආර්ථිකයක් සහිත රටකි. ඒ බව, නූගතෙකු නොවන කබ්රාල් හොඳින් දැන සිටියාට කිසි සැකයක් නැත. ඇරත්, එවැනි රටකින් විකුණන (බොල්) බැඳුම්කර මිල දී ගත යුතු නැති බව තේරුම්ගැනීමට, ආර්ථික විශේෂඥතාවක් නොව, යුරෝපයේ මූල්‍ය ආයතන කඩා වැටෙමින් තිබුණු තත්වය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් පමණක් ඇති ඕනෑම කෙනෙකුට වූවත් හැකියාවක් තිබුණි. එහෙත්, ඉතා පැහැදිලි ඒ අවාසිදායක ජාත්‍යන්තර තත්වය සැලකිල්ලට නොගනිමින් අජිත් නිවාඩ් කබ්රාල් මේ කියන ග්‍රීක (බොල්) බැඳුම්කර අපේ සල්ලිවලින් මිල දී ගත්තේය. එතැන් සිට ගතවුණේ සති දෙකකි. ග්‍රීසියේ මූල්‍ය ක්‍රමය කඩාවැටීම වේගවත් විය. තමාගේ සූදුව අන්ත පරාජයකින් කෙළවර වීමට යන බව ප්‍රමාද වී වටහාගත් කබ්රාල්, ග්‍රීසියෙන් වැඩි මිලට මිලදී ගෙන තිබුණු ඒ ග්‍රීක බැඳුම්කර ඉතා අඩු මිලකට වහා විකුණා දැම්මේය. එයින්, අපේ මහබැංකුවට සහ අපේ ජනතාවට සිදු වූ පාඩුව ඩොලර් මිලියන 6.6 කි. අද විනිමය අනුපාතිකයෙන් ගත්තොත් එය රුපියල් කෝටි 132 ක පාඩුවකි. කොටින්ම මේ රටේ ප්‍රධානතම ආර්ථික ඝාතකයින් ගෙන් එකෙකු ලෙස කබ්රාල් නම්කළ හැක. සමහර විට මේ පොත ඔහුගේ ස්වයං චරිතාපදානය විය හැක.

කබ්රාල් නැමති ආර්ථික ඝාතකයාගේ තවත් කෙරුවාවක් වන්නේ හෙජිං ගණුදෙනුවට මැදිහත් වීමයි. මෙම කුප්‍රකට ගණුදෙනුව හරහා කෝටි ගණනක කොල්ලයක් රාජපක්ෂ හැතිකරය සිදුකළේය. කබ්රාල්ගේ මේ අදූරදර්ශී සූදුවෙන් ලංකාවේ ජනතාවට සිදු වූ පාඩුව රුපියල් බිලියන 10.2 කි. හෙවත් රුපියල් කෝටි දහසකටත් අධික පාඩුවකි.

Russell CP Bandarawatta

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...