මට කියන්නේ මහින්දව ගෙදර යවලා දුමින්දව අමතක කරන්න කියලද 

වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන්ගේ  සේවා කාලය නිමාවීමට නියමිතව තිබේ. ඔහුගේ සේවා කාලය නිමා වූ පසුව අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව ඔහුට විශ්‍රාම සුවයෙන් පසුවීමට ඉඩ නොතබා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයා විදිහට පත්කර යැවීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාර්තා වෙනවා .

රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී රටේ ආර්ථිකය සහ ජනතාව මත බදු පැටවීමේ ප්‍රධාන වගඋත්තරකරුවා ලෙස චෝදනා එල්ල කරමින් වර්තමාන අනුර කුමාර දිසානායක   ඇතුළු කණ්ඩායම මහින්ද සිරිවර්ධන දඬු කඳේ ගහන්නට එකල කටයුතු කළ බව අප කාටත් අමතක නොවේ . ලෝක බැංකු උවමනාවන් මත  ක්‍රියා කරන පුද්ගලයකු ලෙස ප්‍රකට මහින්ද සිරිවර්ධන ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස  පත් කිරීමට ආණ්ඩුව විසින් ගෙන ඇති තීන්දුව හරහා පුදුම සහගත නොවන අතර ඒ හරහා මතුවන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධීනත්වයට එල්ල වන මරු පහරේ මාරාන්තික සිතුවමයි .

එපමණක්ද නොව  මහින්ද සිරිවර්ධනගෙන් හිස්වන මුදල් අමාත්‍යාංශ පුටුව සඳහා යෝජනා වී ඇත්තේ අනුරගේ ආණ්ඩුවේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුළංගමුව බව ද දැනගන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...