දේශබන්දු ඉවත්කිරීම තවත් කල් යන ලකුණු

පොලිස්පතිවරයා ඉවත්කිරීම සඳහා ආණ්ඩුව විසින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමෙන් පසු ඔහු ඉවත්කරන්නේ කෙසේද යන්න ගැන විවිධ මත ඉදිරිපත්වෙමින් තිබේ. පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකදී අදාළ යෝජනාව සලකාබැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කළ යුතු බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසා ඇත.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සිදු කළයුතු ආකාරය පැහැදිලි කරමින් ඔහු ඒ බවපවසා තිබේ.

“පොලිස්පතිවරයාව ඉවත් කරන්න යෝජනාව ගෙනාවම.. විමර්ශන කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට මූලික වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විසින් නම් කරනවා දැනට ඉන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. පොලිස් කොමිසමේ සභාපතිවරයා, ඊළඟට පරිපාලනයේ ඉහළ නිලධාරියෙක්. මේ තුන්දෙනා අර ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ තිබෙන සියලුම කරුණු සලකාබලා ඒ අය නිර්දේශයක් දෙනවා. ඒ නිර්දේශය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් සමග අඩකට වඩා වැඩි සංඛ්‍යාවකින් සම්මත වුණොත් තමයි පොලිස්පතිවරයාව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ.”

රක්ෂිත බන්ධනාගාරගතව සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් අද කථානායකවරයාට භාරදෙනු ලැබුවා.

ඒ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුක්තවිය.

කෙසේවෙතත් මේ ක්‍රියාවලිය අනුව කටයුතු කරන්නේ නම් මෙය යම්කිසි කාලයක් ගතවන ක්‍රියාවලියකි.

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...