ආණ්ඩුව සහ මහින්ද මත දෙකක – කොවිඩ් මරණ භූමදානය කළ හැකි බව මහින්ද යළි කියයි

Date:

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවසර ලබාදෙන බවට තමන් සිදුකළ ප්‍රකාශය හිතුමතේ කළ එකක් නොව සෞඛ්‍ය බළධාරීන්ගේ නිර්දේශ සලකා බලා සිදුකළ එකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

සතිඅන්ත පුවත්පතක් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ ආචාර්ය ජෙනි‍ෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් කොවිඩ් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව නිර්දේශ කර තිබිණි. ඒ සඳහා අනුගමනය කළයුතු නිර්දේශ 09 ක් ද ඉදිරිපත් කර තිබිණි. අගමැතිවරයා පවසන්නේ මෙම කමිටුවේ නිර්දේශ තම ප්‍රකාශයට පදනම් කර ගත් බවයි.

සමගි ජන බලවේගය මන්ත්‍රි එස්.ඒම්. මරික්කාර් විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමකදී නැගී සිටි අගමැති මහින්ද රාජපක්ෂ කෝරෝනා මරණ භූමදානයට අවසර දෙන බවට ප්‍රකාශ කළේය. ඒ බව, ඊ‌යේ සියලු විද්‍යුත් මාධ්‍ය විසින්ද ප්‍රචාරය කළ අතර, අද දින පළවු සියලු පුවත්පත්වල පළ කරන ලදී. එහෙත් අද දින සුදර්ශනී පුනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එම අදහසට වෙනත් අර්ථකථනයක් ලබාදී ඇත. ඊයේ අගමැතිවරයා පවසා සිටියේ කොරෝනා ආසාදනයෙන් මිය යනවුන් ගැන නොව, සාමාන්‍ය මරණ සම්බන්ධයෙන් බව රාජ්‍ය ඇමතිනිය එහිදී පවසා තිබුණි.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ පැවසූයේ කොවිඩ් මරණ භූමදානයට ඉඩ ලබාදෙන බව නොව මරණ භූමදානයට ඉඩ ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන පවසා තිබුණි.

කොරෝනා ආසාදිතයන් මිය ගියවිට අනිවාර්ය ලෙස ආදාහනය කළයුතු බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයකින් නියෝගක කළේ පසුගිය 2020 වසරේ වසංගතය ආරම්භක අවස්ථාවේ ඇති වූ තත්වයන් හමුවේය. ලංකාවේ නිරෝධායන නීති අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට වසංගතය සම්බන්ධ නියෝග නිකුත් කිරීමට බලයක් හිමි වේ. නමුත් පසුව ලෝකයේ විවිධ රටවල පිළිවෙත් හා සංස්කෘතික අයිතින් සම්බන්ධයෙන් මෙන්ම විශේෂඥ අදහස් අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ කොරෝනා ආසාසදිත පුද්ගලයන් මියගිය අවස්ථාවලදී ආගමික විශ්වාසය අනුව භූමදානය කිරීමට ඉල්ලා සිටියහෝ ඊට ඉඩදීමේ හැකියාවක් ඇති බවය.

ඒ අනුව ලෝකයේ සියලුම රටවල් පාහේ කොවිඩ් මරණ ආදාහනය සහ භූමදානය යන දෙකම සිදුකරමින් සිටියි.

කෙසේවෙතත් කොවිඩ් මරණ භුමාදනයට අවසර ලබාදෙන්නේ පෙබරවාරි මස 23 වනදා ලංකාවට පැමිණීමට නියමිත පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් සතුටු කිරීමේ අදහසින් බවට මත පළවෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ කොවිඩ් මරණ භුමාදනයට ඉඩ ලබාදෙන බවට පාර්ලිමේන්තුවේදී පළමුවරට ප්‍රකාශ කළ අවස්ථාවේ එම ප්‍රකාශයට ස්තුති කරමින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණ.

 

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...