මයික්‍රොසොෆ්ට් සමාගම විශාල සේවක කප්පාදුවක

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර තිබේ.

මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව සඳහන් වේ.

සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය වනු ඇති.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...