වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වීමත් සමඟ මෙය රටේ ආර්ථිකයට කෙසේ බලපාවිද යන්න ගැන කතා බහක් ඇතිව තිබේ.
ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඉකුත් 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත්කළ වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්යක්ෂවරයාට අවසර ලබාදී තිබේ.
එමෙන්ම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා තෙක් වාහන ආනයනයට ද හැකියාව පවති.
කෙසේ වෙතත් ආර්ථිකය අර්බුදයකට මුහුන දුන් රටක් ලෙස ණය කන්දක් ගොඩ ගැසී ඇති අවස්ථාවක වාහන ගෙනවීම නොකළ යුතු බව ඇතැම් ආර්ථික විශේෂඥයන්ගේ අදහස වි තිබුණි.
නමුත් ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයා දුමින්ද හුලංගමුවටා අනුව වාහන ගෙන්වීම හරහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත හැක. එම මුදල රුපියල් බිලියන 300කී. ඔහුට අනුව මෙම මුදල අප උපයා ගැනීමට බලාපොරොත්තු වන විශාලතම රාජ්‍ය ආදායම යි.
නමුත් අප ඩොලර් බිලියනයක් පමණ වාහන ගෙන්වීම සඳහා වියදම් කිරීමට බලාපොරොත්තු වේ.
අපට එම වාහන හරහා ආදායම් ලැබෙන්නේ අපි ඉහත සඳහන් කළ ආකාරයෙන් රුපියල් වලිනි. මේ අනුව ඩොලර් වියදම් කර රුපියල් වලින් ආදායම් ලබා ආර්ථිකය ගොඩ දමන්නේ කෙසේද යන්න දන්නේ හුලංගමුව පමණි.
අපට ණය ගෙවීමට, රටට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ රුපියල් නොව ඩොලර් වේ. එම නිසා අප වැඩිපුර ඩොලර් පරිස්සම් කර නොගත් හොත් නැවතත් අර්බුදය කට ගමන් කළ හැකි බව ආර්ථික විශලේශක යන්ගේ අදහසයි. නමුත් දුමින්ද හුලංගමුව ලාට එය අදාළ නොවන බව පෙනේ.