Breaking News

කුරුළු පාරාදීසයක් වූ ආනවිලුන්දාව රැම්සා තෙත්බිම ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කරලා

පෙරේදා දිනයේදී ආනවිලුන්දාව අභය භූමිය ඉස්සන් වගාව සඳහා ඩෝසර් කර විනාශ කර ඇති බව වාර්තා වේ. රැම්සා තෙත්බිමක් ලෙස නම්කර ඇති ආනවිලුන්දාව පක්ෂි පාරාදීසය මෙලෙස විනාශ කර තිබීම සම්බන්ධයෙන් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් තැබූ සටහනක් පහත දැක්වේ.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම මෙි වන විට ඉස්සන් වගාවක් සදහා ඩොසර් කරමින් ඇත. 1971 පෙබරවාරි 02 දින ඉරානයේ රැම්සා නුවරදි ආරම්භ කරනලද රැම්සා සමිමුතිය යටතේ තෙත් බිමක් ලෙස ඇතුලත් කර ඇති මෙම භූමිිිය ලංකාවේ ඇති රැම්සා බිමි අතරින් 2001 වර්ෂයේ අගොස්තු තුන්වන දින රැම්සා තෙත් බිමක් ලෙස නම් කරන ලද අතර මෙම තෙත් භුමිය 1997 ජුනි මස 11 වන දින වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියක් ලෙස නම්කර ඇත. ඩොසර් කරන ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩොලාන නැවත ස්ථාපිත කර අධක්ෂණ මටිටමින් පවත්වාගන යාමට සැළසුම කරන ලද ප්‍රදේශයකිි. හෙක්ටයාර් 1 400 ලෙස තීබු මෙම භූමිය රැම්සා ප්‍රධාන පරිසර පද්ධති ත්‍රිත්වයක් එක භූමියක දැක ගත හැකි ප්‍රදේශයකි, කලපු පරිසර පද්ධතිය එක් පසකිනුත් , ගොඩබිමි පරිසර පද්ධතය සුවිශේෂි වු ජෛව විවිධත්වයකිනුුුුත් පුරාණ වාරි පරිසර පද්ධතියකිනුත් මෙය සමන්විතය. පං කට්ටය වැව, මරදන්සොල වැව, ආනවිලුන්දාව වැව, මයියාව වැව, සුරැවිල වැව හා වේල්ලවාලි වැව යන පුරාණ එල්ලංගා පද්ධතියේ ජල පොෂක ප්‍රදේශයක් ලෙසත් මෙකී තෙත් බිමෙන් පෝෂණය ලබන අතර එම වාරි පද්ධතිය සමග මුලු වැවිි 11 ප්‍රමාණයක් තෙත් භූමිය ඇතුලත හා ඒ අවට දැකගැණීමට හැකිය. ජලජ පක්ෂින් ඇතුලු පක්ෂි විශේෂ 150 අධික පිරිසක් මෙම තෙත් භූමයේ නිරික්ෂණය කල හැකි අතර බොහො සංචාරක පක්ෂින්ගේ පළමු නවාතැන බවට ⁣⁣මෙය පත්වේ. බොහෝ පක්ෂීන් රට අභ්‍යන්තරයට හා රටේ දකුණු දෙසට ගමන් කරන්නේ ආනවිලුන්දාව තෙත් භූමිය තුල විඩා නිවීමෙන් අනතුරැවයි. Opens bill, Great comrent, white ibis, Stalk, Pheasant tailes jacana, ඇතුලු පක්ෂි විශේෂවල විශාල ජනාවාස මෙහිදි දැක ගත හැකිය. ක්ෂීරපායි විශේශෂ 24 පමණ මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර සමනල් විශේෂ 75 වැඩ විශේෂ සංඛ්‍යාවක් මෙහි වාර්තා වේ. ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ ප්‍රදේශයක් වන ආනවිලුන්දාව රැම්සා තෙත් බිම 2008 වර්ෂයේ සිට විටින් විට විනාශ වු අතර එම ප්‍රදේශයේ ජනතාව තෙත් බිමට අයිති ඉඩම් අල්ලා ගැනීම, දේශපාලන බලහත්කාරකම් මත ඉඩම් ඉස්සන් වගාවට හා පුද්ගලික අයිතියට පැවරීම හා කර්මාන්තශාලවලට අවශ්‍ය ඉඩම් මෙම භුමියෙන් නිදහස් කිරීම කිරීම නිසා පසුගිය වසර 15 පමණ සිට මෙහි විනාශය ඇරඹුණි. එය එතැනින්ද නොනැවතී වර්තමාන රජය විසින්ද මෙහි ඉඩම් තම හිතවතුන්ගේ ඉස්සන් වගා ව්‍යාපෘති සදහා අද වනවිට විනාශ කිරීමට ලබාදී ඇත. මෙය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත හා ජාතික පාරිසරික පනත අමු අමුවෙි උල්ලංඝනය කිරීමකි වන අතර මෙවැනි පරිසර ප්දධතියක විනාශ කිරීමට ඉඩදීම පරිසර පද්ධතියක් විනාශ කිරීමක් මෙන්ම රටේ අනාගත ආර්ථිකයටද සැලකිය යුතු බලපෑමක් වන කාරණයකි.

රවීන්ද්‍ර කාරියවසම්

leave a reply