පෙට්ට්යෙන් බැස සංකූලතා – වජි ගුරුසිංහ

Date:

මේ කවිය උපුටා ගනු ලැබුවේ ධනුෂ්ක විමලසේන මහතාගේ පෙට්ට්යෙන් බැස. කාව්‍ය සංග්‍රහයෙනි.

මෙම වචන තුළින් ධනුෂ්ක කියන්නට උත්සහ ගන්නට ඇත්තේ.., අව්‍යාජ ,අවංක , පරණත මිනිසකු විසින් කරන්නට යන විදින්නට යන කලින් නොවිඳී ඔහුත් අකමැති ඒත් යටි හිතින් කැමති අත්දැකිමක් විදින්නට ශක්තියක් නැති නිසා. ඒ සඳහා ඔහු සුදානම් වන ආකාරය සහ..විඳීම ,වින්දනය විස්තරය කිරීමක්.

……සංකූලතා……

නිර්වින්දන ඔසු තවරා
මදි පාඩුව පිරිමහන්න
අබිං සූකිරි එක්කොට
දේදුන්නක් පෙරං ගා
ගෙනා පැහැයන් හොඳින් කලතා
තනාගත් ලුම්නස් පාටකින්
ලිවිය යුතුමැයි ලියන්නම්

ඉහත පද තුළින් ගම්‍ය වන්නේ, සිහි නැති කරන ඔසු මගින් නිර්වින්දන උනත් ඔහුට ඕනේ සම්මත නොවන අයුරකින් මොළයට රිද්දා තම පියවි සිහිය නැති කරගන්න. එ හින්දා ඔහු තවදුරටත් තහනම් ඖෂධයක් වන අබිං ( ගංජා) ගන්නට තීරණය කරනවා. ඒත් මේක අමුවෙන් ගන්න ඔහුට ශක්තියක් නෑ ඒ නිසා පැණි රස වැඩි සූකිරි එක්ක ගත්තා.

ටික වෙලාවකට පස්සේ ඔහුගේ ඇස් නිලංකාර වෙනවා. දේදුන්නේ ෂඩ් වර්ණ ගොඩාක් ලස්සනයි. ඒ ලස්සන වර්ණ අතුරිනුත් ඔහුට ඕන ලුම්නස් පාටක් මවාගන්න. ඒක ඔහුගේ හිතේ තිබෙන දිළිසෙන වර්ණය ඔහු මවාගන්නවා. ඊට මේ මත්ද්‍රව්‍ය කදිම රුකුලක් වෙනවා. මෙයා දැන් ඉන්නේ වෙනස්ම උන ලෝකයක. මෙම ලෝකයේ සිට මෙයා ලියන්න හදනවා. කවියක් (කවිය කියන්නේ මෙතනදී විඳීමකට )

විස්කි බීපු අඩනිරුවත්
සුරංගනාවියන් ගැනත්
දෙවොටර හා අනෝතත්ත
විලේ කිඹුල් හැඩුම් ගැනත්
හාමත් වුණ බඩට උඩින්
කදුළු උනන පපුව උනත්
හංස පැටවූ කරගත්තම
දෙකක් නෑ කවිය රසවත්

සුරංගනාවියන් හරිම පිවිතුරුයි ඒත්. මෙතන ඉන්නෙ විස්කි බී අඩ නිරුවතින් රඟන උන්. අනෝතත්ත විල ඉතාමත් පිරිසිදු වතුර තියන විලක් . මේ මිනිසත් අවංක නිර්මල අව්‍යාජ කෙනෙක්. මෙතනදි එයාට වෙනස් වෙන්නඕනා . මෙතන රඟන නාට්‍යයංගනාවන් දිළිදු කමට බඩ ගෝස්තරය හොයන්න වෙහෙස වෙන අය නෙමෙයි. එත් මෙයාලගේ හඳවතත් මොකක් හරි වේදනාවකින් ගැහෙනව ඇති. දැන් ඒවා වැඩක් නෑ රණ තිසරු එක්ක රංගනයේ යෙදෙන්න තිබුන නම් ඇති.

අසම්මත ෆැන්ටසිවලට
පණ දෙන්න ඕනෙමැයි
ඔහෙ ගිනි ගත්තාවේ
ගෙදර නිදනා යහන්
කොයික අඩපණ වුණත්
මනමාල කම් මිසක්
ඕන්නෑ ළතැවිල්ල
වඳුරෝ බිම යනවයැ
නැව් ගියත් ලකුණු නැති
පාරවල්වල මිසක්

සම්මත නොවන හීන මවාගත් පාට ලෝකයක් තුළ සොයන රසය විදින්න මොහුට අවශ්‍යයි. “ගෙදර නිදි යහන ගිනි අරන්,” ඒ කියන්නෙ පවුල් ජීව්තයේ විඳීමක් නෑ . වදුරෝ බිම යන්නෙ නෑ වයසට ගියත්. වයස බාදාවක් නොකර ගෙන ඒ සුව විදින්න ඕන. “නැව් ගියත් ලකුණු නැති පාරවල් මිසක” මෙතනදී ඒ සදහා යොදාගන්නෙ නෑඹුල් කතක් නොවන නිසා කොහිද ඊට බාදවක් යන්නය.

පද දෙකක් කියවද්දී
ඇහැට වැටුනත් මොකද
වෙරළු මල් පිපේනම්
නැචුරල් බැයිනම් ආට්ෆිෂල්
එය ගැඹුරු කවියක්
” හීක් “ගෑවෙන “ආහ්” කියැවෙන
හරි ශෝක් කවියක්

මේ ස්වාභාවික විදීමක් නොවේ ආට්ෆිශල් විදිමක්. අතීතයක් දන්නෙ නැති අනාගතයක් හොයන්න නැති මේ මොහොතේ අහඹු හමුවීමක් එක්ක සෘංගාර ව්දිමක්. සුවදුක් ව්මසීම් නැ , වේගවත් ව්ඳීමක් තුළ “හීක්” “ආහ්” ශබ්ද රසයත් එක්ක රතිය හරිම රසවත්. ඒකයි හරී ශෝක් කවියක් කියන්නේ.

සඳු සිකුරු යාකොට
මකුළු හූයකින් ගැටලූ
රොබරෝසියා, ලිලී , ට්යුලිප්,
රෝස , කානේෂන් , ඩැෆඩීල්, ඇතුරූ
ගුවන් තොට්ල්ලක මිස
කවි උපදිනවද අය්යෝ
මහ පොළවෙ ඔට්ටු වෙන
කදුළු දහඩිය වලින්

සදු සිකුරු කියන්නෙ හොඳම ග්‍රහයෝ දෙන්නෙක්. මේ කේන්දර පොරොන්දම හොදට ගැළපෙනවා. ඒ කියන්නෙ මේ දෙන්න පොරොන්දම් ගලපා බැලුවටත් වඩා රතියට ගැළපෙනවා. අත පැන් වක්කොට පෝරු මත අෂ්ඨක නොකිව්වට නීතියෙන් නොබැදුනට හුළගටත් සෙලවෙන අයිති නැති තැන්වල බැදෙන මකුළු දැළක් වගේ බැඳුන මේ බැඳීම අති සාරථක බැදීමක්. අග්‍ර ගනයේ මිළ අදික මල් අතුරා ගුවනේ හදාගත් ගුවන් තොට්ල්ලක පාවෙම්න් වින්ද මේ මදුර හෝරාව උපරිම බව “ගැඹුරු කවියක්” යන්නෙන් වැටහෙනව.

කදුළු දහඩිය ප්‍රශ්න එක්ක මහපොළව පය ගහලා මේ වින්දනය ලබන්න මිනිස් සිතට අමාරුයි. නිර්වින්දනය වූ සිතකින් ඒ සුවය උපරිම විදින්නට හැකි බව මෙයින් කියවෙන බවයි මගේ ගැඟීම.

ගාල්ලේ වජි ගුරුසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...