වසංගතය නිසා පිරිමින්ට වඩා කාන්තාවන් රැකියා අහිමිවීමේ අනතුරක

බොහෝ රටවල් නිසි ලෙස කාන්තාවන් සහ ගැහැණු ළමුන් කොවිඩ් 19 වසංගතයෙන් රැක ගැනීමට අපොහොසත් ව ඇතැයි කොවිඩ් 19 වසංගතයට විවිධ රජයන් ප්‍රතිචාර දක්වන අන්දම සම්බන්ධ එක්සත් ජාතීන් ගේ දත්ත පෙන්වා දෙයි. මේ මාසයේ මුල් භාගයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් කාන්තාවන් අතර දරිද්‍රතාව 9.1%න් පමණ ඉහළ යනු ඇතැයි එක්සත් ජාතින් ගේ සංවිධානය අනුමාන තිබුණි. පවත්නා තත්ත්වය කාන්තාවන් ගේ රැකියා පිරිමින් ගේ රැකියාවලට වඩා 1.8 ප්‍රමාණයකින් අනතුරේ හෙළන බව මැකින්සි ගෝලීය ආයතනය (McKinsey Global Institute) ප්‍රකාශ කරයි.

මේ ගෝලීය ස්ත්‍රී පුරුෂ සමාජභාවීය දර්ශකය රටවල් සහ ප්‍රදේශ 206ක කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කරන අන්දම, වේතන නො ලබන සහන සේවකයන්ට ලැබෙන සහය සහ කාන්තාවන් ගේ ආර්ථික සුරක්ෂිතතාව නගා සිටුවීම පිළිබද විමර්ශනය කර ඇත.

රටවල් 42කට මේ කිසිදු ක්ෂේත්‍රයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබද නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැත. රටවල් 25ක් පමණක් මේ ක්ෂේත්‍ර 3 ම සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන තිබේ.

කොවිඩ් 19 වසංගතය පැතිරී ගිය කාලවකවානුව තුළ ගෘහස්: හිංසනය සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, දත්ත රාශියට අනුව රටවල් 135ක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය අවම කිරීමට උපකාරක දුරකතන අංක සහ රක්ෂාස්ථාන හදුන්වා දී තිබේ.

රටවල් 61ක් පාසල් වැසීම සහ වැඩිහිටි පුද්ගලයන්ට තනිවිමට සිදුවිමෙන් කාන්තාවන් ගේ රැකබලා ගැනීමේ කාර්‍යභාරය ඉහළ ගොස් ඇති බවද මෙම දත්ත පෙන්වා දෙයි.

කොවිඩ් 19 අර්බුදය මගින් රටවල්වලට පවත්නා ආර්ථික දර්ශක, සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව මුල් කර ගත් සමාජ ගිවිසුම් බවට අලුත් කළ යුතු බව එක්සත් ජාතින් ගෙ සංවර්ධන වැඩසටහනේ අදහස වී තිබේ.

https://www.lankanewsweb.net හි පළවූ පුවතක් ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...