Breaking News

මේ කතාව අත් සේදීම පිස්සුවක් ලෙස සැලකූ කාලයක් ගැනයි

සුසන්ත ආරියරත්න

මේ කතාව අත් හේදීම ගැන. අත් සේදීමේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම ලොවට අනාවරණය කල වෛද්‍ය ඉග්නස් පිලිප් සෙමල්වෙයිස් (1818-1865) ගැන. කතාව අහුලගත්තේ අන්තර් ජාලයෙන්.

හංගේරියානු ජාතික ඉග්නස් වැඩ කලේ බුඩාපේස්ට් වල මතෘා රෝහලක. ඔහු නිර්දේශ කලේ ගර්භනී මාතාවන් පරීක්ෂා කරන ⁣⁣වෛද්‍යවරුන් නිරන්තරයෙන් අත් හේදීම මගින් එකල, එනමි 19 සියවස මැද භාගයේ, තොටිලි උණ (Childbed Fewer) නමින් හැදින්වුනු රෝගයෙන් සිදුවන මාතෘා මරණ විශාල වශයෙන් අඩු කල හැකි බවයි. ඔහු මෙි ගැන 1861 දී පොතකුත් ලියා පල කලා.

නමුත් එකල වෛද්‍ය ප්රජාව ඔහු කියූ දෙය බරපතල ලෙස සැලකුවෙ නැහැ. ඔහුගේ පොතට ඔහු අපේක්ෂා කල පිලිගැනීම ලැබුනෙත් නැහැ. එය දැඩි විචාරයට ලක්වුනා. ඔහු සිය වෛද්‍ය සගයන්ගෙන් රෝගී පරීක්ෂාවෙිදී නිරන්තරයෙන් අත් සෝදන ලෙස ඉල්ලා සිටියත් ඒ ඉල්ලීම සාහසික ලෙස නොසලකා හැරුනා. මෙි සමිබන්ධයෙන් ඔහු අනෙකුත් වෛද්‍යවරුන් සමග බරපතල ලෙස විරසක වුනා. කෙළවරදී විසාදියට (Depression) ගොදුරු වූ ඔහුව මානසික රෝහලක් වෙත යැවුනා. එහි නිලධාරීන් සමග වූ ආරවුලකදී ඔහුට පහරදී, ඔහුගේ දකුණු අත කඩා දැමුනා. ඊට දින 14කට පසු අවුරුදු 47 දී ඔහු මියගියා.

ඔහුගේ අවමංගල්‍යය වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් තොර, ඉතා චාමි එකක් වුනා. සිය සාමාජිකයකු මියගිය විට අනුස්මරණ කතාවක් ඊළග රැස්වීම් වාරයේදී පැවැත්වීම සිරිත වුවත් වෛද්‍ය සභාව ඔහුගේ නම සිහිපත් කිරීමෙන් පවා වැළකී සිටියා.

ඔහුට පසු රෝහලට පත් කල වෛද්‍යවරයා යටතේ මාතෘා මරණ අනුපාතය හය ගුණයකින් වැඩි වුනත් ⁣වෛද්‍යවරුන් එයත් නොසලකා හැරියා.

වෛද්‍ය සභාව එසේ අත් සෝදා ගත්තත්, 1880 දශකයේදී ලුවී පාස්චර් ඉදිරිපත් කල විෂබීජ න්‍යාය (Germ Theory) මගින් ඉග්නස්ගේ මතය නිවැරදි බව තහවුරු වුනා. එමගින් ඉග්නස්ගේ මතය ශක්නිමත් න්‍යායාත්මක පදනමක් තනා ඔහුගේ අදහස වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කලා.

දැන් මියගිය ඔහුගේ නමට වෛද්‍ය විශ්ව විද්‍යාලයක්, කෞතුකාගාරයක්, මාතෘා රෝහලක්, ස්මාරක, සමරු මුද්දර, සමරු කාසි වගේ සියලු සැලකිලි ලැබී තියනවා. කුඩා ග්රහ ලෝකයක් ද ඔහුගේ නමින් තියනවා. ඔහුගේ ජීවිත කතාව අනුසාරයෙන් බොහෝ පොත් ලියැවී තියනවා. චිත්රපට හයකටත් ඔහුගේ කතාව පාදක වී තියනවා. තව වෙිදිකා නාට්‍යත්. හෙන්රික් ඉබිසන් හැදූ Enemy of the People ඒ අතර විශේෂයි. ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර ජන හතුරා නමින් සිංහලට පරිවර්තනය කොට නිර්මාණය කලේ මෙි ඉග්නස් ගේ කතාව විය යුතුයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග අත් සේදීමෙි වැදගත්කම ඉස්මතු වූ විට, Google Doogle එකක් ඔහු වෙනුවෙන් නිර්මාණය කිරීමෙන් ගූගල් ආයතනය ඔහුට උපනාර දැක්වූවා

ඉතින් මෙි කිසි උපහාරයක් වැඩකට නැත්තෙ ජීවත්ව සිටියදී ඔහු ඔහුගේම ප්රජාවගෙන් ප්රතික්ෂේප වීම නිසයි. ඔහු පොදු මතයට ඉදිරියෙන් සිටීම නිසා පිස්සෙක් යැයි සැලකූ පළමුවැන්නා නෙවෙයි, අන්තිමයත් නෙවෙයි.

පිංතූරය: බුඩාපේස්ටි වල තනා ඇති ඉග්නස් අනුස්මරණ ස්මාරකයක්

leave a reply