ලෝකයම උඹ වගේමයි බොලං

තනියම
හිනා පා හිනා කයි
තනියම
බැණ වදී බැන බැනම යයි
තනියම
දෙසා බණ දෙස දෙසා යයි
පාරක
තැනක හන්දියක නැවතුණ
නැවත බැණ බැණ යයි
කතා කර කර යයි
හින්නි මාමා
බෙහෙත් නැති පිස්සුයි

මාමා තමයි
මාමගෙ තමයි
මාමා නේද
මේ විසාදිය මේ විප්ලවය
හේතුව
ඵලය නේද

රසායනය
විද්‍යාව, තරංගය
හොයාගත්තා නේද
බෙහෙත් නැති පිස්සුව
ලෝකෙටත් එහෙම කර

බ්ලූටූත්, වයි ෆයි
වයර්ලස් ගැජට්ලස්
උඹ වගේමයි ඇත්තටම
ලෝකෙම දැන්
පාරේ, බස්එකේ කෝච්චියේ
කන ගමන් රෙන ගමන්
තැනක් නැති කමක් නැති
තනියම තනි තනියම
උඹේ ලෝකෙම ලෝකයම
හිනාවෙන
අහගෙන
ඔහේ කොහෙදෝ බලාගෙන
ඇඟිලි හොළවන
ටක ටක
ටික් ටික්
යවන එවන
එවන යවන
යාන්තාම් හැරී තැන හොයන
හරි අපූරුයි
ලෝකයම උඹ වගේමයි බොලං
ගානක් නැති තරමටම
ඩිජිටල් ස්වභාදම

උමතුව කම්මුතුයි
තරංගය
තරංගාත් තරංගත්
නූල් නැතුවම වෙලයි

නෝමල්
ෆෝමල්
ආතල් ගිතෙල් මැහිතෙල්
උඹ තමයි මේකේ හේතුව
හින්නි මාමේ
වයර්ලස් උමතුව
බෝ කොළේ ලෝකෙට
ලෝකයම උඹ වගේමයි බොලං

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...