ලෝකයම උඹ වගේමයි බොලං

තනියම
හිනා පා හිනා කයි
තනියම
බැණ වදී බැන බැනම යයි
තනියම
දෙසා බණ දෙස දෙසා යයි
පාරක
තැනක හන්දියක නැවතුණ
නැවත බැණ බැණ යයි
කතා කර කර යයි
හින්නි මාමා
බෙහෙත් නැති පිස්සුයි

මාමා තමයි
මාමගෙ තමයි
මාමා නේද
මේ විසාදිය මේ විප්ලවය
හේතුව
ඵලය නේද

රසායනය
විද්‍යාව, තරංගය
හොයාගත්තා නේද
බෙහෙත් නැති පිස්සුව
ලෝකෙටත් එහෙම කර

බ්ලූටූත්, වයි ෆයි
වයර්ලස් ගැජට්ලස්
උඹ වගේමයි ඇත්තටම
ලෝකෙම දැන්
පාරේ, බස්එකේ කෝච්චියේ
කන ගමන් රෙන ගමන්
තැනක් නැති කමක් නැති
තනියම තනි තනියම
උඹේ ලෝකෙම ලෝකයම
හිනාවෙන
අහගෙන
ඔහේ කොහෙදෝ බලාගෙන
ඇඟිලි හොළවන
ටක ටක
ටික් ටික්
යවන එවන
එවන යවන
යාන්තාම් හැරී තැන හොයන
හරි අපූරුයි
ලෝකයම උඹ වගේමයි බොලං
ගානක් නැති තරමටම
ඩිජිටල් ස්වභාදම

උමතුව කම්මුතුයි
තරංගය
තරංගාත් තරංගත්
නූල් නැතුවම වෙලයි

නෝමල්
ෆෝමල්
ආතල් ගිතෙල් මැහිතෙල්
උඹ තමයි මේකේ හේතුව
හින්නි මාමේ
වයර්ලස් උමතුව
බෝ කොළේ ලෝකෙට
ලෝකයම උඹ වගේමයි බොලං

 

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...