කිලිනොච්චිය, පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොන්නාවේලි ගම්මානයේ හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වමින් සිටියි.
මෙම ප්‍රදේශයේ ජනතාව යුද්ධය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිය උපන් ගම්මාන අතහැර ගොස් වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචියට පැමිණි පිරිසකි.
ඔවුන් යුද්ධය හේතුවෙන් සිය මුල් ගම්මාන අතහැර මුලතිව් වෙත ගොස් අවසන් යුද සමයේ යුද හමුදාවට භාරවී අනතුරුව වවුනියාව,සෙට්ටිකුලම්හි අවතැන් කඳවුරු තුළ කාලයක් රැදී සිට 2010 හා 2011 වසරවල යුද්ධයෙන් විනාශ වු ගම්මාන වෙත නැවත පැමිණ තිබේ.
එම ජනතාව දැන් බියෙන් පසුවන්නේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් නිසා තම ගම්බිම් යළි අහිමී යයි ද පිළිබඳවය.
වර්තමානයේදී පොන්නාවේලි ගම්මානය ආශ්‍රිතව හුණුගල් හෑරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ භූ කැණීම් කර පරීක්ෂණ පවත්වා ඇතැයි ගම්වැසියෝ පවසති.
ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් හෙක්ටයාර් 1000 කට ආසන්න ප්‍රදේශයක හුණුගල් කැනීමට අවශ්‍ය මුලික අනුමැතිය සිමෙන්ති කර්මාන්තශාලාවකට ලබාදී ඇති බවත්, හුණුගල් කැනීම ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ හොත් තමන්ට ගම්මානයේ ජිවත්විය නොහැකි බවටත් සඳහන් කරමින් පොන්නාවේලි ගම්වාසීහූ අඛණ්ඩව දින 100ක් ඉක්වමා මේ වන විට විරෝධතාව පවත්වමින් සිටිති.
පොන්නාවේලි ග්‍රාම සේවා වසමට අයත් කිරාංචි,පොන්නාවේලි,වලෙප්පාඩු, වේරාවිල් හා පලාවි ගම්මාන තුළ පවුල් 1600 කට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන අතර, ගම්වාසීන්ගේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නේ ධීවර කර්මාන්තය හා ගොවිතැනයි.
මේ වන විට හුණුගල් පවතින සීමාවන් සොයා බැලීමට පොන්නාවේලි ගම්මානය අවට සීමාවේ නළ ළිං රැසක් හාරා පරීක්ෂණ පවත්වා ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කළේය.
ගැටළුව සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත ගම්මානය සුරකීමේ ප්‍රජා සංවිධානයේ සභාපති වි.බාස්කරන් පැවසූවේ මෙවැන්නකි,
“අපි යුද්ධය හින්දා අවුරුදු 30 කට වැඩි කාලයක් දුක් වින්දා. යුද්ධයෙන් ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.අවුරුදු ගාණක් අපි අවතැන්වෙලා ඉඳලා දැන් තමයි නැවත යම් ප්‍රමාණයකට ගොඩනැගෙමින් එන්නේ.එහෙම එනකොට දැන් නැවත වතාවක් අපේ ගම්මානවල මිනිස්සුන්ගේ ජීවිතවලට නැති ප්‍රශ්නයක් ඇවිල්ලා.”
“ගමේ කුඹුරු ඉඩම් සහිත ගම්මානයේ ජනතාවගේ ඉඩම් හෙක්ටයාර් 1000 ක් ප්‍රදේශවාසීන් කවුරුවත් දන්නේ නැතුව හුණුගල් හාරන්න ලබාදීලා තිබෙනවා.”
“හුණුගල් හාරලා ගම්මානය සීමාවේ සිමෙන්ති ෆැක්ටරියක් හදන්න යනවා.ගමේ මිනිස්සු බත් ටිකක් කන්න වගා කරපු කුඹුරු ඉඩම් අයිති සීමාවක් තමයි එහෙම දීලා තියෙන්නේ.”
“ගමේ ඉඩම් සිමෙන්ති ෆැක්ටරියකට දුන්නාම ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිවෙයි. සිමෙන්ති ෆැක්ටරිය හින්දා ඇතිවන බලපෑම කියලා නිමාකරන්න බෑ.ගමට සිමෙන්ති ෆැක්ටරියක් ආවොත් ගමේ මිනිස්සුන්ට ගම අතහැරලා යන්න තමයි වෙන්නේ.” ඔහු පැවසීය.
බාස්කරන් සඳහන් කළේ “මාළු වැඩි ප්‍රමාණයක් බිත්තර දාන්න,පැටව් හදන්න එන්නේ පෝක් සමුද්‍ර සන්ධියට මුහුණලා තියෙන අපේ ගම්මාන අශ්‍රිත මුහුදු කලාපයට.ලංකාවේ ඉන්න හොඳම කකුළුවෝ ඉන්නේ මේ මුහුදු කලාපයේ.සිමෙන්ති ෆැක්ටරියක් ගමමානයේ දැම්මොත් සිමෙන්ති ෆැක්ටරිවලින් ඉවතලන සිමෙන්ති කුඩු කාලයක් යනකොට මේ මුහුදු සීමාවේ තැන්පත් වෙනවා.එතකොට මාළු මේ කලාපයට එන්නේ නැතිවෙයි.”
“ගම්මානයේ ජීවත්වන ජනතාවට මාළු නැතුව ධීවර කර්මාන්තය කර ගන්න බැරිවෙනවා.ගමේ කුඹුරු අක්කර 800 ක් විතර තියෙනවා.ඒ ප්‍රමාණය හුණුගල් කඩන්න අරගනියි. එහෙම වුණොත් ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන් ක්‍රමයක් නැතිවෙයි.
“මේ හුණුගල් කඩන ව්‍යාපෘතිය ගමට එනකම් ගමේ මිනිස්සුන්ගෙන් ඒ ගැන රජයේ ආයතන කවදාවත් ඇහුවේ නෑ.සමහර දේශපාලන පක්ෂ නායකයෝ තමන්ගේ පක්ෂයේ හිතවතුන් කිහිපදෙනෙකුගෙන් අහලා තමයි මේ වැඩේට අවසරය දීලා තිබෙන්නේ.”ඔහු චෝදනා කළේය.
“මේ සිමෙන්ති ෆැක්ටරිය හදන්න සුදානම් වෙන සමාගම දන්නවා අපේ ගම්මාන යටින් තිබෙන හුණුගල් නිධියේ වටිනාකම.ඒ හින්දා එයාල මොන සෙල්ලමක් දාලා හරි ගම්මානයේ ජනතාවගේ ඉඩම් අරගන්න කටයුතු කරනවා.”
BBC ඇසුරිණි