හිරේ හිටිය යුතු රනිල්ගෙන් ආර්ථිකය ගැන උපදෙස්

බටලන්ද වධකාගාරය ඇතුළු උතුරේ සහ දකුණේ සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී ඇති තත්ත්වයක් තුළ ඔහු කිසිදු උපද්‍රවයකින් තොරව දේශපාලන මත දක්වමින් සිටියි. ඊට අමතරව රටේ ආර්ථිකය යහමගට ගැනීමට අවශ්‍ය පියවර ගත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් එම නිවේදනය හරහා උපදෙස් ද ලබාදී ඇති බව දක්නට ලැබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ඒකකය විසින් ඊයේ (23දා) නිකුත් කළ මෙමෙ නිවේදනය හරහා පවසා ඇත්තේ රටවැසියන් තවමත් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින බවත්, තම වැඩපිළිවෙළ සම්පූර්ණ නොකළහොත් රට තවත් දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමග ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව IMF සහතිකයක් මත රඳා පවතින බවද ඔහු පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමග ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතු බවද ඔහු පවසා ඇත.

2022 – 24 තමන්ගේ ධුර කාලය තුළ දකුණු ඉන්දියාව කෙරෙහි අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතා යන ක්ෂේත්‍ර ඇතුළුව ඉන්දියාව සමග ආර්ථික සහයෝගීතාවයට අදාළ මාර්ග කිහිපයක්ම ගවේෂණය කළ බවද සඳහන් කරයි.

මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කනගාටු වන බවත්, අදාළ පාර්ශ්වකරුවන්, ඉන්දීය ආයෝජකයන් ඇතුළු ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාවලිය මගින් දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් යන්නත් සඳහන් කරයි.

අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා මෙය බාධාවක් වනු ඇති බවත්, ගැන සිය කනස්සල්ල පළ කරන බවත්, තමාගේ රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිබ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ වැන්නන් සිදුවූ අපරාධවලට මෙන්ම සිදුවූ ආර්ථික පරිහානියට ද වගකිව යුතුය. එවැනි පුද්ගලයන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම යනු ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එක්තරා ආකාරයකින් සුජාතභාවයක් ලබාදීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...