කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරි අර්ජුන් ඇලෝසියස්ට වසරකට පසු සිතාසි

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167 ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අද (02) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අර්ජුන ඇලෝසියස්ට සිතාසි නිකුත් කර ඇත.

ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වී ඇත්තේ ප්‍රින්ස් ටවර්, ඇල්ෆඩ් හවුස්, කොළඹ 03 ලිපිනැති ඒ. ජේ. ඇලෝසියස් යන අයටයි.

මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.

මීට අමතරව සීමා සහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා රුපියල් කෝටි 700 ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට කෝප් කාරක සභාවේදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ තොරතුරු හෙළි වූයේ ලංකා බැංකුවේ 2018 – 2019 මුදල් වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය මැයි මාසයේ කැඳවූ අවස්ථාවේදී ය.

මේ සියලු චෝදනා තිබියදී මෙන්ඩිස් සමාගමට අත්හිටුවා තිබූ මත්පැන් බලපත්‍රය ලබාදීමට පසුගියදා ආණ්ඩුව කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

අර්ජුන් ඇලෝසියස් යනු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවෙක් වන අතර මේ වනවිට ඇපපිට නිදහස්ව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...