Breaking News

දෙහිඅත්තකණ්ඩිය රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට හැර යාමෙන් රෝගීන් අපසුතාවයට

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට හැරයාම හේතුවෙන් සියලු ශල්‍යකර්ම ඇනහිටීම නිසා රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිපියක් මාර්ගයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත මේ බව දන්වා ඇති අතර, ඒ පිළිබඳව තවමත් පියවර ගෙන නොමැත.

එම ලිපියට අනුව හදිසි සැත්කම් ඇතුළුව සැත්කම් 50ක් අත්හිටුවා ඇත.

පොළොන්නරුව රෝහල ඇතුළු අවට රෝහල් වෙත රෝගීන් යොමු කළද එම රෝහල්වල පවතින තදබදය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.

 

leave a reply