සෞභාග්‍යය උදාකරන්න ආපු ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොළියයටත් කෙළියි

වාණිජ බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් සඳහා ගෙවනු ලබන පොලී අනුපාත අඩු කර ඇතත් ඔවුන්ට ලබාදී ඇති ආදායම් බදු නිදහස වෙනස් කර නැතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය ආර්ථික කළමනාකරණයේදී විචක්‍ෂණශීලී ක්‍රමවේද යොදාගැනීමට සිදුව ඇතැයි කී ඇමතිවරයා විශේෂඥ මණ්ඩල සමඟ සාකච්ඡා කර ඉදිරි වර්ෂවලදී ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇතැයි ද කීවේය.

එබැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදුසහන ඉවත්කළ බවට පැතිර යන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් සාවද්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වාර්ෂිකව ස්ථාවර තැන්පතුවලින් පොලිය මත උපදවන ආදායමෙන් ලක්‍ෂ 15ක් පොලී ආදායම් බද්දෙන් නිදහස් කර තිබූ බව කී බන්දුල ගුණවර්ධන මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ බදුසහන පැකේජය යටතේ පොලී ආදායමෙන් ලක්‍ෂ 30ක් බද්දෙන් නිදහස් කර තිබෙන බව ද කීවේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය නැංවීම වෙනුවෙන් බව පවසමින් ගනු ලැබූ ප්‍රධාන තීරණයක් වූවේ ව්‍යාපාරිකයන්ට සියයට 4ක ණය පොලී සහනයක් ලබාදීමයි. නමුත් මෙතෙක් සාමාන්‍ය ජනතාවගේ පාර්ශ්වයෙන් ලබාදෙන පැවසූ ලීසිං සහන, ණය වාරික ගෙවීමේ සහන, ලයිට් බිල් සහන වැනි කිසිදු සහනයක් නිසිපරිදි ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැත. අනිත් අතින් ආණ්ඩුව කියන ආකාරයෙන් බදු සහනය සාමාන්‍ය ජනතාවට කිසිදු වැඩක් නැත. වාර්ෂිකව පොලී ආදායම ලක්ෂ 30ක් ලැබෙන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණි. ඔවුන්ට ලක්ෂ 15ක් ලැබෙන්නෙත් නැත.

ප්‍රධාන ඡායාරුපය අවන්ත ආටිගලගේ කාටූනයකි

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...