බාල බෙහෙත් ගෙන්වූ මහ මොළකරු කැබිනට්ටුවේ

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බවත් හැකිනම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසත් බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සමාගම් හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥාවරු අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝගයක් එල්ල කර තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් (mmunoglobulin) නම් ප්‍රතිදේහ ඖෂධ කුප්පි ආනයනය කිරීම සම්බන්ධ නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ අධිකරණය කුමක් සිතුවත් මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා බවයි.

ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇතැයි ඔහු එහිදී පවසා තිබේ.

කෙසේවෙතත් මෙම සැකකරු නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගියදා ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් (mmunoglobulin) නම් ප්‍රතිදේහ ඖෂධ කුප්පි ආනයනය කළ සමාගමේ හිමිකරු අරුණ දීප්තිව නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් මෙරටට ගෙන්වීමට අනුමැතිය දුන් රජයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට සහ අදාළ සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනම් කිරීම ද පනවා තිබේ.

සමාගම් හිමිකරුට අමතරව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර යන අයටද මෙම වාරණය පනවා ඇත.

අදාළ ඖෂධ සමාගම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදී රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වුවද එයට කිසිදු පියවරක් ගනු නොලැබුණි. ඔහුගේ අමාත්‍ය ධූරය පමණක් මාරු කෙරිණි. මෙම ඖෂධ ජාවාරම හරහා ඔහුටත් විශාල කොමිස් කුට්ටියක් හිමිවූ බවට චෝදනා එල්ල වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...