මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියෙන් අදානි සමාගම ඉවත් වෙයි

මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව මේ වන විටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ සමාගම විසින් දැනුම් දී තිබෛන බවයි පැවසේ.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්න්ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බව පැවසේ.

මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ දූත පිරිස නවදිල්ලි නුවරට කළ සංචාරයේදී, අදානි ව්‍යාපෘතිය පිළිබඳව ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබුණි. පසුව ආණ්ඩුව පැවසුවේ විදුලි ඒකකයකට ගෙවන මිල ගණන් අඩු කිරීමේ එකඟතාවයක් මත ව්‍යාපෘතිය සිදුකෙරෙන බවයි. පසුගියදා අපනයනකරුවන් ත්‍යාග ප්‍රධාන උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මන්නාරම සුළං විදුලි බලාගාරය සහ සාම්පූර් බලාගාරය ඉදිකර බලශක්ති අර්බුදය විසදන බවයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුව විසින් කැබිනට් අනු කමිටුවක් පත්කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...