88 / 89 අරගලය ගැන සජබ එල්ල කරන අවලාදවලට කුමාර්ගෙන් පිළිතුරු

Date:

සමගි ජන බලවේගය විසින් 88 / 89 අරගලය සම්බන්ධයෙන් එල්ල කරනු ලබන අවලාද සහ විවේචන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය මුනිවත රැකීම ප්‍රශ්නයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

හෙතෙම මෙලෙස පැවසුවේ මෙම අවලාද සහ විවේචනවලට පිළිතුරු දීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ ( 06 ) දින කැඳවා තිබූ මාධ්‍යය හමුවේ දී ය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්…

ජවිපෙ රකින මුනිවත

මේ වෙලාවෙ අපිට පේන දෙයක් තමයි සමගි ජන බලවේග වේදිකාවේ තමන්ගේ ප්‍රතිවාදියා විදිහට ජනතා විමුක්ති පෙරමුණ නම් කරමින් ඉන්නවා. එතකොට අසූ අට අසූ නමය කාලය සම්බන්ධයෙන් විවේචනයක් එල්ල කරමින් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ දැන් යන්නෙ අපිත් සක්‍රීයව සම්බන්ධ වුණු මෙම කාලය සම්බන්ධයෙන් නගන අවලාදවලට පිළිතුරු නොදී මුණිවත රකිමින්.

අපි දන්නවා ජේ ආර් ජයවර්ධන හැත්තෑ අටේ දි විශාල මර්දනයක් එක්ක තමයි ඔවුන්ගේ දාහත් වසරක පාලනය පවත්වාගෙන යන්න මැදිහත් වුණේ. රට ජාතිවාදී යුද්ධයකට මග පෑදීම, උතුරේ සංවර්ධන සභා ඡන්ද කොල්ලය, යාපනය පුස්තකාලය ගිනිතැබීම, ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම, ජනමත විචාරණයක් ගෙනල්ලා ජනමතය කොල්ලකෑම. වගේ දැවැන්ත මර්දනකාරී වැඩපිළිවෙළක් එක්ක තමයි ජේ ආර් පාලනය පවත්වාගෙන ගියේ.

ජවිපෙ ධනේශ්වර පංතිය සමග සන්ධානයක

එහෙම කොල්ලකාරී පාලන ක්‍රමයකයට එරෙහිව තමයි අසූ අට අසූ නමයෙ දි ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඒ අරගලයට මැදිහත් වුණේ. අපි දන්නවා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට එහි යම් යම් දේවල් පිළිබඳව ස්වයං විවේචන තියනවා. හැබැයි ඒ ඇතිවුණ තත්ත්වයට වගකියන්න ඕන රනිල් වික්‍රමසිංහලා පවා නියෝජනය කරන ලද කොල්ලකාරී පාලනය. හැටදහසක් ජනතාව ජීවිත පරිත්‍යාග කරමින් කරන ලද එම අරගලය පිළිබඳ එල්ලකරන චෝදනාවලට උත්තර නොදී ජවිපෙ මේ යන ගමන වැටිලා තියෙන්නෙ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට කියන එක පැහැදිලියි.

අපි දැක්කා මාලදිවයිනේ තානාපති විදිහට හිටපු තෝරදෙණිය එක්ක හඳුන්නෙත්තිලා ගිහිං සාකච්ඡා පවත්වනවා. අපි දන්නවා ඒ කාලේ පුවත්පතවල පළවුනේ රෝහණ සහෝදරයට වෙඩි තිබ්බේ තෝරදෙණිය කියලා. ඒ තෝරදෙණියල එක්ක තමයි දැන් ජවිපෙ සම්බන්ධතා පවත්වන්නෙ.

ජෝන් කිල්ස්, DSI සහ JVP

මේ ළඟදි මාලිමාවේ ව්‍යාපාරික සමුළුව තිබුණා. ඒකට ඇවිත් තිබුණා ජෝන් කීල්ස් සමාගම. ඔය ජෝන් කීල්ස් සමාගම කොළඹ වරායේ නැව් තෙල් අංශය කුණු කොල්ලයට මිලදී ගනිද්දි අනුරකුමාර දිසානායකලා තමයි ඒ කාලේ ඒකට පාර්ලිමේන්තුව ඇතුළෙ හඬ නැගුවේ. හැබැයි අද ඒ ජෝන් කීල්ස් එක්කම ඔවුන් සන්ධානගතවෙලා. මේ සමුළුවට ආව ඩී එස් අයි සභාපති ජවිපෙ නායකයන් ඉදිරිපිට තියාගෙනම තමයි කිව්වේ රොකෆෙලර් ගැන. දැන් මාක්ස්වාදය අසාර්ථකයි මාක්ස්වාදය ෆේල් වෙළෙඳපොළ ආර්ථිකයක් තමයි හැදෙන්න ඕන කියද්දි ගැලරියට වෙලා සිනහ මුසු මුහුණින් මුණිවත රකිමින් ඉන්න තරම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අද තමන්ගේ ප්‍රතිපත්ති පාවාදෙමින් ඉන්නවා.

ජවිපෙ බෙදුම් රේඛාව මැකිලා

අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් සන්නාමයක් තිබුණා. දේශපාලන බෙදුම් රේඛාවක් තිබුණා. අද වෙද්දි සියලු පාර්ශ්වයන් සතුටු කරන්න ජනතා විමුක්ති පෙරමුණ මේ යන ගමන එක්ක ඔවූන්ට ඒ නිශ්චිත බෙදුම් ඉර ඇඳගන්න බැරි වෙලා තියෙන්නෙ. නිශ්චිත ප්‍රතිපත්තියක් කියාගන්න බැරුව එක එක වෙලාවට එක එක දේවල් තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කියන්නෙ.

තමන්ගේ දේශපාලන ගමන් මග පිළිබඳව එල්ල වෙන විවේචනවලට එරෙහිව නිශ්චිතව පිළිතුරු නොදී මේ යන ගමන පැහැදිලියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක යන ගමනකට තමයි මේ සූදානම් වෙන්නෙ. ඉන්දියානු මැදිහත්වීම්වලට එකඟ වෙමින් යන ගමනකට තමයි මේ සූදානම් වෙන්නේ. ඒක නිසා අපි කියනවා සමගි ජන බලවේගය විසින් මාලිමාව සමාජවාදී ක්‍රමයකට යන බවට කරන චෝදනා පුස්සක් විතරයි. මොකද සජිත්, රනිල්, මහින්ද වගේම ජනතා විමුක්ති පෙරමුණත් බලය ඉල්ලන්නේ මේ කොල්ලකාරී ධනේශ්වර ආර්ථික ක්‍රමයම පවත්වාගෙන යන්නයි.’’

උපුටා ගැනීම – ද ලීඩර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...