අයවැයෙන් තිබුණු පඩියත් කපලා – ජෝශප් ස්ටාලින්

මෙවර අයවැය යෝජනාවෙන් ජනාධිපතිවරයා සිදු කර ඇත්තේ රුපියල් විසිදහසක වැඩිවීමක් ඉල්ලූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දහදාහකින් වැඩි කිරීම බව පවසා මෙතෙක් ලබාගත් වැටුපෙන් කොටසක් කපා ගැනීම බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

“වැටුප් වැඩි වීමක් නෙමෙයි කරලා තියෙන්නේ. ලබන වැටුපෙන් 2% ක් කපලා තියෙන්නේ… රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපේ දායකත්වය 6% තිබ්බ එක 8% ක් කපනවා. ඒ කියන්නේ සියයට දෙකකින් වැඩි කරලා. කැපිල්ල සියයට දෙකකින් වැඩි කරලා.”

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නොවැම්බර් 14 වැනිදා අවධාරණය කළේ ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසු දීමනාව කිසි ලෙසකින්වත් ප්‍රමාණවත් නොවන බවයි.

2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අය වැය වාර්තාව) නොවැම්බර් 13 වැනි සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සදහන් කළේ මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරීමට යෝජනා කරන බවයි.

මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන්නේ වසරේ පෙබරවාරි, මාර්තු මාසයේ සිට බැවින් එම දීමනාව 2024 වසරේ අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එකතු කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී කී ජනාධිපතිවරයා, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ලබන අප්‍රේල් සිට සියලුම සේවා අංශවල වැටුපෙන් අඩුකරන ප්‍රතිශතය 8%ක් දක්වා වැඩි කිරීමට ද යෝජනා කළේය.

රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම මෙවර අයවැයෙන් නොසලකා ඇති බවට චෝදනා කරන ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ අධ්‍යාපන ක්ෂෙත්‍රය සම්බන්ධයෙන්ද මෙවර අයවැයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි.

“අපි පැහැදිලිව ඉල්ලීමක් කරා ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විශමතා ඉවත් කරන්න. ඒ වගේම අපි ඉල්ලුවා දෙමව්පියන්ට අධ්‍යාපනයට තියන බර අඩු කරන්න. අධ්‍යාපනයට දළ දේශිය නිශ්පාදනයෙන් සියයට හයක් වෙන් කරන්න. එතකොට දැන් මොකක්ද කරේ. කිසිම දෙයක් නැ. ”

අධ්‍යාපනය සඳහා ආණ්ඩුව මෙවර වෙන් කර ඇති මුදල් බිලියන 237කි.

ජෝසප් ස්ටාලින් චෝදනා කරන්නේ අධ්‍යාපනය සදහා මෙවර අයවැයෙන් වෙන්කර ඇති මුදල ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරට වඩා අඩු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අය වැයට විරෝධය පාමින් වෘත්තිය සමිති ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා මෙහිදී මාධ්‍ය දැනුවත් කර තිබේ.

 

Share post:

Popular

More like this
Related

විසි දෙකේ තීන්දුව කතානායකට

විසි දෙකට පක්ෂ විපක්ෂව ඉදිරිපත් වී තිබුණු පෙත්සම් විභාගය...

විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙරටුගාමින් යළි මහජන උපයෝගීතා කොමිසමට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද යළි මහජන උපයෝගීතා කොමිෂන් සභාව...

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...