ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මතුපිටින් දැක්කම සතුටු හිතුනත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා – පුබුදු ජයගොඩ

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මතුපිටින් දැක්කම සතුටු හිතුනත් ඒ තීන්දුවේ බරපතල ප්‍රශ්නයක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් වගන්ති සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ තර්ක සහ විවේචනවලට පටහැනිව තීන්දුව ලබාදී ඇති බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“අහවල් වචන වෙනුවට මෙන්න මේ වචනය දාන්න කියලා යෝජනාවක් කරලා තියෙනවා. ඒ වචනේ දැම්ම කියලා මෙතන දේශපාලන වෙනසක් වෙන්නෙ නෑ. උදාහරණයකට 34 වගන්තියේ අධිකරණ නියෝගයේ තියෙන්නේ for කියන වචනෙ වෙනුවට to කියන වචනේ යොදන්න කියලා. මේකෙන් ආර්ථිකයට මොනවගේ ප්‍රශ්නයක් වෙනවද කියන එක මේක විසින් කළු සල්ලි ජාවාරම්කරුවන්ගේ තිත්පොළක් වීම ගැන ලංකාවේ බදු නොගෙවා මහජන මුදල් මංකොල්ල කාලා නීතිවිරෝධී ලෙස රැස්කරගෙන ඉන්න මුදල් විශුද්ධි කරගන්න තැනක් විදිහට වරාය නගරය පාවිච්චි වෙන්න නියමිත බව අපි කිව්වා. ඒක අධිකරණයේදී සාකච්ඡා වෙන්නෙ නැහැ. ප්‍රශ්නේ තියෙන්නෙ ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එකේදිත් මේ තීන්දුව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. වචනයක් දෙකක් වෙනස් කරලා ජනමත විචාරණයක් තියන්නෙත් නැතුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයත් නැතුව සම්මත කරගන්න පුළුවන් ඒවා තියෙනවා. මේක ටින්කරින් කරන්න බෑ. මේ පනත අහෝසි කළ යුතුයි. හෙට තියෙන විවාදය අවලංගු කළ යුතුයි. ”

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...