ඊශ‍්‍රායලය විසින් ලොවපුරා අලෙවි කරන පලතුරු හා වෙනත් ද්‍රව්‍ය නිපදවීම සඳහා අවශ්‍ය ශ‍්‍රමයේ විශාල පංගුවක් දරන්නේ පලෙස්තීනුවන් බව ඔබ දන්නේද ? බටහිර ඉවුරේ හා ගාසා තීරයේ වැසියන් එක්ලක්ෂ පනස්දහසක්/දෙලක්ෂයක් පමන ඊශ‍්‍රායල් චෙක්පොයින්ට් පසුකර දිනකට ජීවත්වීම සඳහා රැකියාවක් සොයාගෙන යයි. ඒ වැඩි හරියක් තමන්ගෙන්ම පැහැරගත් භුමි වෙතය. ඔවුන් අවම පාන්දර 3 වන විට අවධි විය යුතුය. තම නවාතැනේ සිට සෝදිසි කිරීමේ ස්ථාන (චෙක් පොයින්ට්) දක්වා යන ඔවුන් පැය ගනනක් පෝලින් ගැසී සෝදිසි වාරය සඳහා බලා සිටිය යුතුය. එහිදී ඔවුන් ගොදුරුවන හිංසනයන් (ලිංගික හා ජාතිවාදී ) වෙනම කතා කල යුතුය. පැය කීපයක පීඩාකාරී සෝදිසි කිරීම් වලින් අනතුරුව සැලකිය යුතු ඉහල මිලක් ගොවා පොදු ප‍්‍රවාහන සේවයකින් දිගු ගමනකින් පසුව වැඩ බිම් වෙත ලගා විය යුතුය. එහිදී කිසිදු අයිතිවාසිකමක් හිමි නැති වහලූන් ලෙස වැඩ කල යුතුය. එහි වැඩිපුර ඇත්තේ ඉදිකිරීම් කෘෂිකාර්මික හා වෙනත් සේවාවන් වල රැකියාවන්ය. ඒ සියල්ලට පෙර ඉහල මිලක් ආණ්ඩුවට ගෙවා රැකියා අවසර පතක් ගත යුතුය. නීතියට අනුව එම මුදල සේවා යෝජකයා විසින් දැරිය යුතු වුවත් අවසානයේ කැපෙන්නේ සේවක පඩි පතිනි. අවසරපත් නිකුත් කිරීමද වෙනම ජාවාරමක් වී ඇත. අනන්‍යතා ගැටලූ ලිපි ලේඛණ ගැටලූ ආදිය නිසා අවසරපත් ලබා ගැනීමට නොහැකි කම්කරුවන් සඳහා හොර පාරෙන් ඒවා නිකුත් කිරීම සේවා යෝජකයින්ද හවුල් වූ වෙනම ජාවාරමක් වී ඇත. ඒවා අලෙවි වන්නේද වැඩි මිලකටය. එය නීතියට පටහැනි වුවත් ඒ වෙනුවෙන් කිසිවකු හඩක් නගන්නේද නැත. ඒ එහි විපාක දරුණු හෙයිනි. ඊට අමතරව එසේ ලියාපදිංචියක් ගත නොහැකි වූවන්ද සිටින අතර ඔවුන්ට සිදුවන්නේ නීති විරෝධීන් ලෙස රැකියා කරන්නටය. එය ප‍්‍රතික්ෂේප කරන්නකු වෙතොත් සිදු වන්නේ පොලිසියට හෝ හමුදාවට අල්ලා දීමේ තර්ජනයට යටත් වන්නටය. එහිදී සිදුවන දේ ගැන අමුතුවෙන් කිව යුතු නැත. සේවා කොන්දේසි හෝ වැටුප් ගෙවීම නොගෙවීමද තීරණය කරන්නේ ඔවුන්ට අනුවය. ඔවුන් මුහුණ දෙන්නේ තුට්ටු දෙකට වැඩ ගන්නා වහල් සේවයකටය.
පලස්තීන කම්කරුවකුට දිනකට ලැබෙන්නේ එම රැකියාවම කරන ඊශ‍්‍රායල් කම්කරුවෙකුට ගෙවන දිනක පඩියෙන් භාගයකි. එමෙන්ම රැකියා ස්ථාන තුල සිදුවන අනතුරු හා ජීවිතක්ෂයට පත්වීම් සලකා බැලීමේදී සාපේක්ෂව දෙගුනයකි.
විශේෂයෙන්ම බටහිර ඉවුරෙන් පැමිනෙන කාන්තාවන්ට හා ළමුන්ට සිදු වන්නේ වගාවන් ආශ‍්‍රිත කටයුතු වල නියැලීමය. අප ලස්සනට භුක්ති විඳින දිළිසෙන පලතුරු වලට යොදන කෘමි හා වල් නාෂක යෙදවීම් සඳහා යොදා ගන්නේ මොවුන්වය. ඉන් සිදුවන අතුරු ආබාද නිසා විවිධ රෝග හා පීඩාවන්ට ඔවුන් ගොදුරුවීම අනිවාර්යය දෙයකි.
ජාත්‍යන්තර වෘතීය සමිති සම්මේළනයට අනුව පලස්තීන කම්කරුවන්ට ඊශ‍්‍රායල් කම්කරුවන්ට හිමි සෞඛ්‍ය අයිතීන් හිමි වන්නේ නැත. වසර ගනනක් ආයතනයක සේවය කලත් ඔවුන්ට හිමි වන්නේ හදිසි අවස්ථාවකදී හදිසි අනතුරු අංශයට යෑමට පමනි. අසනීප කාලය තුල ඔවුන්ගේ නිවෙස් වෙත ඔවුන් ආපසු යා යුතු අතර ඊට අදාලව කිසිදු ගෙවීමක් හෝ දීමනාවක් ලැබෙන්නේද නැත. එම අයිතිය ඉල්ලන්නට ගියහොත් සිදු වන්නේ නැවත පැමිනෙන විට රැකියාවද අහිමි වී තිබීමයි. නිත්‍යානුකුල ලෙස රැකියා කරන පලස්තීනුවන්ගෙන් බදු අයකර ගැනීමට අමතරව සෞඛ්‍ය හා විශ‍්‍රාම පාරිතෝෂිකද ඔවුන්ගේ පඩි පතින් කපා ගනු ලැබේ. මෙම පාරිතෝෂික. අරමුදල් නීතියට හා ජාත්‍යන්තර අයිතිවාසිකම් වලට අනුව ඉන් බහුතර කොටස පලස්තීන පාලනය වෙත ලබා දිය යුතු වුවත් ඊශ‍්‍රායල් මුදල් ඇමතිවරයා එසේ නොකොට එයද පැහැර ගනී. ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන තර්කය වන්නේ සෝදිසි කිරීම් හා ආරක්ෂක කටයුතු වෙනුවෙන් එම මුදල් භාවිත කරන බවයි. නීති ප‍්‍රකාරව පලස්තීන කම්කරුවෙකුට තම අයිතීන් වෙනුවෙන් ඊශ‍්‍රායල් කම්කරු උසාවියට පැමිනිල්ලක් ඉදිරිපත් කල හැකි වුවත් එසේ සිදු නොවන්නේ නඩු තීන්දුවට පෙර සියලූ පළිගැනීම් වලට ලක්වන්නට අනිවාර්යයෙන්ම සිදුවන බව ඔවුන්ගේ අත්දැකීම වන හෙයිනි.
සාමාන්‍යයෙන් පලස්තීන කම්කරුවකු දිනකට පැය 16 බැගින් සතියට දින 6ක් වැඩ කල යුතුය. ඒ වෙනුවෙන් ඩොලර් 1500/1700ක වැටුපක් හිමිය. එය ඊශ‍්‍රායල් කම්කරුවකුට ගෙවනා වැටුපෙන් බාගයකට මදක් වැඩි අගයකි. එහෙත් සියලූ කපා ගැනීම් හා පාරිතෝෂික අඩුකර ගැනීමෙන් පසුව මාසයකට පැය 350ක් වැඩ කරන කම්කරුවකු ගෙදර ගෙනියන්නේ ඩොලර් 1000/1200ක් අතර මුදලකි. එනම් පැයකට ඩොලර් 3කට අඩු ගනනකි. එම මුදලින් සාමාජිකයින් 6/8 සිටින පවුලක් නඩත්තු කල යුතුය. ඒ අනුව බඩගින්න හා අසරණකම විසින් තව තවත් ඔවුන්ව අසීරු කොන්දේසි යටතේ වුවත් රැකියා කරන තැනට ඇද දමයි. එම අසරණකමේ හා බඩගින්නේ වග උත්තර කරුවන් වන්නේද නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් යටත් කර ගැනීම් හා අයුතු මැදිහත්වීම් සිදු කරනු ලබන ඊශ‍්‍රායල් පාලනයයි. තව දුරටත් පලස්තීනයට නැගිටින්නට ඉඩ නොදෙන්නේද මොවුනගේ අවශ්‍යතා වෙනුවෙන් රැකියා විරහිතයින් ලෙස තබා ගැනීමත් ඒ තුලින් වහල් සේවයේ යොදවා ගැනීමේ නින්දිත වුවමනාව නිසාමය. ඒ අනුව අවසානයේ ඩොලර් කෝටි ගනනක් ඊශ‍්‍රායලය විසින් රැුස්කරගන්නේ බලහත්කාරයෙන් අල්ලා ගත් භුමියක වහල් සේවයේ යොදවා ගන්නා එම වැසියන්ගෙන්මය. එය ලැජ්ජා සහගත ක‍්‍රියාවක් නොවන්නේදැයි සිතා බැලීම ඔබට බාරය.
නෙල්සන් මැන්ඩෙලා වරක් මෙසේ පැවසීය. මම ඊශ‍්‍රායලය විසින් පලස්තීන ජනතාවට වර්ණභේදවාදය ක‍්‍රියාත්මක කරන බවට චෝදනා කරනව. මක් නිසාද යත් මෙය සමස්ත ජනතාවම යටත් කර මූලික නිදහස අහිමි කරන අවස්ථාවක් බැවිනි.
නමුත් කාලයත් සමග පලස්තීනුවන් යටත් මිනිසුන් බවට පත්කල ඊශ‍්‍රායල් පාලනය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වී ඇත. සමස්ත ජනතාව කෙරෙහි බලපැවැත්වෙන වර්ණභේදවාදයක් පලස්තීන කම්කරුවන් කෙරෙහි විශේෂිත වර්ණභේදවාදයක් බවට මේ වන විට පත්ව ඇත, ඔවුන් නිදහස් නම් ඔවුන් ප‍්‍රතික්ෂේප කරන හෝ වෙනස් කිරීමට සටන් කරන කොන්දේසි සහ වැටුප් පිළිගැනීමට බල කෙරෙන්නේය. අමානුෂික හමුදා පාලනය සහ බලහත්කාරය කම්කරුවන් යටත් විජිත වහලූන් බවට පරිවර්තනය කරයි. මෙම සූරාකෑමේ ක‍්‍රමයට අනාගතයක් ඇතැයි සිතීමට අප සලස්වන්නේ කෙසේද සහ සියල්ලටම වඩා දශක ගණනාවක් පුරා රැස්කරගත් කෝපය සමග එයට යටත් වූවන් ඉක්මනින් හෝ පසුව කැරලි නොගසන බවට මිනිසුන් විශ්වාස කරන්නේ කෙසේද