හිටපු චීන ජනාධිපතිව බලහත්කාරයෙන් ඉවත් කරන්නේ ඇයි?

චීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන හූ ජින්ටාඕ ව අද (22) එරට පාර්ලිමේන්තුව වන Great Hall හී ඔහු වාඩි වී සිටි අසුනෙන් බලහත්කාරයෙන් වගේ මෙලෙස ඉවතට ගෙන යනු ලැබුවා. හිටපු ජනාධිපතිවරයා එලෙස ගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වෙලා නැහැ. මොකද චීනයේ දේශපාලනයේ සැබෑම කතාව ලෝකයාට ලේසියෙන් හෙළි වෙන්නේ නැති නිසා.

කොහොම වුණත් බොහෝ දෙනෙක් කියන්නේ චීන දේශපාලනය අභ්‍යන්තරයේ සිදුවන බල අරගලයක් හේතුවෙන් මේ දේ වෙන්නට ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාව ඉවත් කරන වේලාවේ ඔහු ළඟ වත්මන් ජනාධිපතිවරයා වන ෂී ජිං පිංග් ද රැඳී සිටියා. හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනපතිට තට්ටුවක් දාලා යමක් කියන ආකාරයත් මේ පහත වීඩියෝවේ සටහන්ව තිබුණා.

මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ චීන කොමියුනිට්ස් පක්ෂය විසින් වත්මන් ජනාධිපතිවරයාව නැවත වතාවක් බලයට පත් කිරීම ගැන අදහස් පළ කරමින් ඉන්න වේලාවකයි.

අන්තර්ජාල පුවත් ඇසුරිණි.
#සංජේ

Share post:

Popular

වෙනත් පුවත්

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න අහන මාධ්‍යවේදීන්ගේ වැනෙන ප්‍රශ්න 

NPP කාරයන්ගේ කෝකටත් තෛලය පිළිතුරු සහ  අධ්‍යහනයෙන් තොර ප්‍රශ්න...

ගැහැනු ලෙයට බදු නොගසනු!

කුසගින්න, පිපාසය හුස්ම ගැනීම යනු මිනිසාට පාලනය කළ නොහැකි...

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...