හිටපු චීන ජනාධිපතිව බලහත්කාරයෙන් ඉවත් කරන්නේ ඇයි?

චීනයේ හිටපු ජනාධිපතිවරයෙකු වන හූ ජින්ටාඕ ව අද (22) එරට පාර්ලිමේන්තුව වන Great Hall හී ඔහු වාඩි වී සිටි අසුනෙන් බලහත්කාරයෙන් වගේ මෙලෙස ඉවතට ගෙන යනු ලැබුවා. හිටපු ජනාධිපතිවරයා එලෙස ගෙන යාමට හේතුව මෙතෙක් අනාවරණය වෙලා නැහැ. මොකද චීනයේ දේශපාලනයේ සැබෑම කතාව ලෝකයාට ලේසියෙන් හෙළි වෙන්නේ නැති නිසා.

කොහොම වුණත් බොහෝ දෙනෙක් කියන්නේ චීන දේශපාලනය අභ්‍යන්තරයේ සිදුවන බල අරගලයක් හේතුවෙන් මේ දේ වෙන්නට ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයාව ඉවත් කරන වේලාවේ ඔහු ළඟ වත්මන් ජනාධිපතිවරයා වන ෂී ජිං පිංග් ද රැඳී සිටියා. හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනපතිට තට්ටුවක් දාලා යමක් කියන ආකාරයත් මේ පහත වීඩියෝවේ සටහන්ව තිබුණා.

මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ චීන කොමියුනිට්ස් පක්ෂය විසින් වත්මන් ජනාධිපතිවරයාව නැවත වතාවක් බලයට පත් කිරීම ගැන අදහස් පළ කරමින් ඉන්න වේලාවකයි.

අන්තර්ජාල පුවත් ඇසුරිණි.
#සංජේ

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...