Breaking News

ඉතාලි රැකියාවක් සඳහා ඔබේ ඥාතියෙක් ගෙන්වා ගැනීමේ අවස්ථාව

ඉතාලියට විදෙස් රටක සිට  කෙනෙකු ගෙන්වා ගැනීම සඳහා නව නීතියක් සම්මත වෙලා කියන කතාවක්  පැතිර යමින් තියෙනවා.  මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද  ඇත්තටම එහෙම නීතියක් සම්මත ද  ඒ නීතිය යටතේ අපටත් අවස්ථාවක් තියෙනවද අපේ ඥාතියෙක් ගෙන්න ගන්න. බොහෝ දෙනකු මේ ප්‍රශ්න ටික අහනවා .

ඔවු  මේ කතා කරන්නේ Decreto Flussi 2023-2025  නීතිය සම්බන්ධවයි. දෙසැම්බර්  එය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ෆ්ලූස්සි 2023/2025

2023 රැකියා අවස්ථා 136000
2024 රැකියා අවස්ථා 151000
2025 රැකියා අවස්ථා 165000
වසර තුනට එකතුව 452000

2023 ස්ථීර රැකියා සඳහා 52770
ස්වයං රැකියා සඳහා 680 (එකතුව 53450)

මේ මුලූ ප‍්‍රමානයෙන් විවිධ කොටස් වලට කෝටාවන් වෙන්කර ඇති අතර විශේෂයෙන් ඉතාලිය සමග සංක‍්‍රමණිකයින් පාලනය සඳහා ගිවිසුම් ගතව ඇති රටවලට වගේම ගිවිසුම් ගතවීමට කැමැත්ත පලකර ඇති රටවලටද යම් නිශ්චිත කෝටාවක් වෙන් කර ඇත. ලංකාවද ඊට ඇතුලත් වේ. ඒ අනුව පවුල් සේවා සහයක හා සෞඛ්‍ය සේවා සහයක රැකියා අවස්ථා සඳහාද මේ කෝටාවෙ තුල රැකියා අවස්ථා වසරකට 9500 බැගින් වසර තුන සඳහා වෙන්කර ඇත.

ඒ වගේම මේ අවස්ථාව වන විට වලංගුව පවතින තාවකාලික හෝ වෙනත් වීසා ස්ථීර රැකියා වීසා බවට පරිවර්ථනය කර ගැනීමේ අවස්ථාවද තිබේ. 2023ට අදාලව අවස්ථා 4100ක්ද 2024ට අවස්තා 4100ක්ද 2025ට අදාලව අවස්තා 5100ක් හිමිව ඇත.

2024 ස්ථීර රැකියා සඳහා 61250
ස්වයං රැකියා සඳහා 700 (එකතුව 61950)
2025 ස්ථීර රැකියා සඳහා 70720
ස්වයං රැකියා සඳහා 730 (එකතුව 71450)

ඉල්ලූම් කල හැකි ක්ෂේත‍්‍ර

 භාන්ඩ ප‍්‍රවාහනය සඳහා රියදුරන් (බර වාහන ලයිසන්)
 ගොඩනැගිලි ඉදිකිරීම්
 සංචාරක හා හෝටල් ක්ෂේත‍්‍රය
 යන්ත‍්‍රසූත‍්‍ර අලූත්වැඩියා
 විදුලි සංදේශ ක්ෂේත‍්‍රය
 ආහාර සැපයුම්
 නාවික ක්ෂේත‍්‍රය
 මගී ප‍්‍රවාහන රියදුරන්
 ධීවර ක්ෂේත්‍රය
 කොන්ඩා මෝස්තර ෂිල්පීන්
 විදුලි කාර්මිකයන්
 ජලනල කාර්මිකයන්
ආදී ක්ෂේත්‍ර වලට අමතරව පවුල් හා සෞඛ්‍ය සේවා සහයකයින් සඳහාද ඉඩ ලබාදී ඇත.

තාවකාලික රැකියා අවස්ථා සඳහා

2023 රැකියා අවස්ථා 82550
2024 රැකියා අවස්ථා 89050
2025 රැකියා අවස්ථා 93550

ඉල්ලූම් කල හැකි ක්ෂේත‍්‍ර
 කෘෂිකාර්මික ක්ෂේත්‍රය
 සංචාරක සහ හෝටල් ක්ෂේත‍්‍ර සඳහා වෙන්කර ඇත. (ගිවිසුම් අත්සන් කල හවුල් රටවල් සඳහා වෙන්කර ඇත )

ඉල්ලූම් කල හැකි දින

ස්ථීර රැකියා අවස්ථා සඳහා 2023 දෙසැම්බර් 2 උදේ 9.00 සිට දෙසැම්බර් 31දක්වා

පවුල් හා සෞඛ්‍ය සේවා සහයකයින් සඳහා 2023 දෙසැම්බර් 4 උදේ 9.00 සිට දෙසැම්බර් 31දක්වා

තාවකාලික රැකියා අවස්ථා සඳහා 2023 දෙසැම්බර් 12 උදේ 9.00 සිට දෙසැම්බර් 31දක්වා

ඉල්ලූම් පත් පෙර සූදානම් කර ගැනීමේ අවස්ථාව 2023 ඔක්තෝබර් 30 දින සිට නොවැම්බර් 26 දක්වා අවස්ථාව ලබා දී ඇත. ඒ සඳහා ( https://portaleservizi.dlci.interno.it/ වෙත පිවිසෙන්න.) සතියේ සෑම දිනකම උදේ 8.00 සිට රාත‍්‍රී 8.00 දක්වා ක‍්‍රියාකාරීව පවතී.

කෙසේ වෙතත් ක්ලික් ඬේ එක දවසට පෙර සූදානම් කරගත යුතු තව දෙයක් තිබෙනව. ඒ තමයි අදාල පලාතේ රැකියා බැංකුව වෙත (Centro Impiego) තමන්ට අවශ්‍ය කරන සේවකයා පිළිබඳ ඉල්ලූම් පතක් යොමු කිරීම. වෙනත් රටකින් කෙනෙකු ගෙන්වා ගැනීමට අවසර ලැබෙන්නේ එසේ රැකියා බැංකුවෙන් සේවකයකු යොමු කිරීමට අපොහොසත් නම් පමනි. ඒ සඳහා දින 15ක කාලයක් ලබා දී තිබෙන අතර එම කාලය තුල කෙනෙකු යොමු නොකලහොත් හෝ යොමු කරන පුද්ගලයා එය ප‍්‍රතික්ෂේප කලහොත් ඒ ගැන ලැබෙන ලේඛණය ඉල්ලූම් පතට ඇමිනිය යුතුවේ. බොහෝවිට මෙහිදී ස්වයං සහතික (Auto Certificazione)ඉදිරිපත් කිරීමද සිදුවේ. එහිදී එහි වගකීම එය ඉදිරිපත් කරන සේවා යෝජකයා දැරිය යුතුවේ. ඊට අමතරව ආයතනය හෝ පුද්ගලයා පිළිබඳ තහවුරු කිරීමේ සහතිකයක්ද (dichierazione di aseverazione)ඇමිනිය යුතුය. එය අදාල ආයතනයේ හෝ පුද්ගලයාගේ ගිණුම් පවත්වාගෙන යනු ලබන ගණකාධීකාරී වරයා හෝ නීතිවේදියෙකු විසින්ද සහතික කල හැක.

එසේ ඉදිරිපත් කෙරෙන ඉල්ලූම් පත්වලට අදාල නිගමන ධනාත්මක නම් ස්ථීර රැකියා සඳහා දින 60 ක් තුල නූල්ල ඔස්ත ( වීසා අවසර පත ) නිකුත් කෙරෙන අතර තාවකාලික රැකියා සඳහා නම් දින 20කින් එය නිකුත් කරනු ලැබේ.

පවුල් සේවා සහයකයින් සඳහා ඉල්ලූම් කිරීමේදී ඉල්ලූම් කරුගේ වාර්ෂික ආදායම ඔහු තනි පුද්ගලයෙකු නම් යුරෝ 20.000ක්ද ඔහුගෙන් යැපෙන්නන් සිටීනම් යුරෝ 27.000ක්ද විය යුතුය. එහිදී එම ගෘහයේ ජීවත්වන වෙනත් අයෙකුගේ ආධායම එකතු කල හැකි අතර එම ගෘහයේ ජීවත් නොවුනත් පලමු හෝ දෙවන ගනයේ නෑකමක් සහිත කෙනෙකුගේ ආදායමද එකතු කල හැකිවේ. ( මව/පියා/ස්වාමි පුරුෂයන් හෝ දරුවන් )

සෞඛ්‍ය සේවා සහයකයින් සඳහා ඉල්ලූම් කල හැක්කේ ආයතනයකට බැවින් එහිදී වාර්ෂික අවම ආදායම යුරෝ 30.000ක් විය යුතුවේ. මේ අතර යම් පවුලක සෞඛ්‍ය දීමනා ලබන කෙනෙක් වේනම් ඔවුන්ට වාර්ෂික අවම ආදායම අදාල වන්නේ නැත.

මෙයට අදාල වැඩිදුර තොරතුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතු තව කරුණක් තමයි මේ ඉතාලියට වීසා ලබා දෙනවා යැයි කියන කරුණ මුල් කරගෙන ඉතාලි සිහින දකිමින් ඉන්න මිනිස්සුන්ගෙන් මුදල් වංචා කරන පිරිස ්‍යවස්ථාව පෙන්වා වීසා එකක් ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමට තියන ඉඩකඩ වැඩියි. ඔබ යමෙකුට මුදල් ලබා දෙන්නේ නම් මේ වීසා අවස්ථාව සම්බන්ධයෙන් සැලකිය යුතු විමසීමක් කරන්න. සේත් නැත්නම් ඔබට වැඩි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ විද්‍යුත් තැපෑල හරහා vivaraenews@gmail.com කරුණු විමසන්න අප ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම්

leave a reply