ගුරු – විදුහල්පති වැටුප් ප්‍රශ්නයට අයවැයෙන් විසඳුමක් දෙනතුරු රු 5000ක මාසික දීමනාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

එම 5000 දීමනාව මාස දෙකක කාලයක් ලබා දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී එකඟතාව පළ කළ බවද ආරංචි මාර්ග සඳහන් කරයි

එබැවින් ,මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු නැවත ආරම්භ කරන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ .

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරුවරුන් මෙයට සති කිහිපයකට ඉහතදී මාර්ගගත ක්‍රමයට ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත්වූ අතර ,ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් සිවුදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබීය.

ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග,විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

ඇමතිඅනු කමිටුව විදුහල්පති හා ගුරු සංගම් සමඟ සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර,එය අද පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන මෙම තීරණ ගත් බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...