Breaking News

VAT  2024 දී 18% ක් වේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් දෙවන ණය වාරිකය  මුදා හැරීම තවදුරටත් ප්‍රමාද වෙන බව  අද කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී  බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතාවලට අනුව 2024 ජනවාරි මාසේ පළමු වැනිදා සිට එකතු කළ අගය මත බදු අනුපාතය 18% ක් දක්වා වැඩි කරන්නට කැබිනට් අනුමැතිය ලැබී තියෙනවා.

එපමණක්ද නොව දැනට එකතු කල අගය මත බදු අය කිරීම නොකරන භාණ්ඩ  හා සේවා ගණනාවකට ඉදිරියේදී එකතු කිරීමට ද  රජය බලාපොරොත්තු වෙන බව  මාධ්‍ය හමුවේ දී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන කියා සිටියේ 2023 වර්ෂයේ මුල් මාස නවය තුළ රජයේ බදු ආදායම  51% කින් ඉහළ ගොස් ඇති නමුත් ත්‍යන්තර මූල්‍ය අරමුදල  සෑහීමකට පත්වන ප්‍රමාණයේ බදු අය කර ගැනීමක් සිදු කරන්නට නොහැකි වී ඇති බවයි.

මේ අනුව අපට පෙනී යන්නේ සියලු ආකාරයන්ගේ මිරිකීම් වලට ජනතාව පත්කර ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක්ව  ඉදිරි ණය වාරික ලබා ගැනීම සඳහා කිසිදු පැකිලීමකින් තොරව ජනතාව මත බර පටවන්නට සූදානමින් සිටින බවයි .

leave a reply