උඹ ලියන්නෙත් අරගල පොතේ ධෛර්යවන්ත පරිච්ඡේදයක්

හිතවතුනි, පුරවැසියනි,
මගේ පා ගමන අද වනවිට සහෝදරත්වයේ පාගමනක් බවට පත්ව තිබේ…..
ඉතින් සහෝදරවරුනි,

ඊයේ මා ගමන්කළ දුර කිලෝමීටර් තිහකට වැඩිය. ඒ සඳහා පැය දොලහක පමණ කාලයක් ගතව තිබිණි. මේ සම්පූර්ණ දුරම මගේ බිරිඳ මා සමග සෙවනැල්ලක් මෙන් ගමන් කළාය. මට තරම්වත් වෙහෙසක් නැත. ජීවන ගමන තුළද එලෙසින්ම ඇය මා සමග ගමන් කරන්නීය. කිසිදු වෙහෙසක් නැත.

එලෙසින්ම,

මගේ මිතුරන් වන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, ලේඛක ශක්තික සත්කුමාර, ප්‍රසාද් ඇස්වත්ත මිතුරන් මා සමග වැඩිම දුරක් ගමන් කළහ. ශක්තිකගේ මස්සිනා මෙන්ම ඔහුගේ පවුලේ අයද මා වෙනුවෙන් අපමණ සහයක් ලබා දුනි.
ගමන ආරම්භයේ සිටම මා සමග විශාල දුරක් ඇවිද ආ මාධ්‍යවේදී මිතුරන් කණ්ඩායම ලබා දුන් දිරිය මා වඩාත් ශක්තිමත් කළ බව සහෝදරත්වයෙන් සටහන් කරමි.

මගේ ළමාකළ පටන් මිතුරා බැසිල් ශාන්තප්‍රිය ද මුල් අවස්ථාවේ සිට බොහෝ දුරක් මා හා ගමන් කලේ ඔහුගේ බිරිඳ ද සමගයි.
මගේ පාසලේ ගුරු සහෝදර සහෝදරියන් සහ විදුහල්පති තුමාද ලබා දුන් දිරිය අපමණය.

මේ ගමන නිසා මා කිසිදා නොදුටු මිනිසත්කම් හඳුනාගත් බව ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කළ යුතුව තිබේ. මග දිගට මා දිරිමත් කිරීම සඳහා රැඳී සිටි පාසල් සිසුන්, ගුරුභවතුන් මා වෙත මනුෂ්‍යත්වයේ දෑත් දිගු කළහ. පසුපස හඹාවිත් බීම බෝතලයක්, ජල බෝතලයක් සහ විවිධ ආහාර වර්ග ප්‍රදානය කළ මිනිසුන් සංඛ්‍යාව අපමණය. මා ඔවුන් මීට පෙර හමුවී ඇත්තේද නැත. එහෙත් ඔවුන් සියලු දෙනා මිනිසුන් බව හඳුනාගතිමි. අද උදෑසන මා නැවත නැවතූ තැනින් ගමන අරඹමි. මෙය දැන් මනුෂ්‍යත්වයේ පා ගමනකි. මා ඔබේ මනුෂ්‍යත්වය සොයා එමි. ඔබ වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරමි. එන්න මා වැළඳගන්න. අපි මනුෂ්‍යත්වයෙන් පිරුණු ලෝකයක් නිර්මාණය කරමු.

ඊයේ රාත්‍රී නවාතැන් ලබා දුන් සහෝදරිය කෞෂල්‍යාට ද තුති. මිගාර බමුණුසිංහ සොයුරා ලබා දුන් සහය අපමණය. මා සමග විවිධ අයුරින් රැඳී සිටි හිතමිතුරන් නමින් සඳහන් නොකරන්නේ ලිපිය දීර්ඝ වන බැවිනි. සමාජ මාධ්‍ය තුළින් විවිධ සටහන් බෙදාහරිමින් සහය වූ නොදුටු මිතුරනි ඔබටද ස්තුතියි.. ඉතින් සහෝදරවරුනි නුඹලා සියල්ලන්ටම නොවක් තුති.
ජය වේවා!
සුන්දර ලොවක් බිහි වේවා!

අශෝක චන්ද්‍රසේකර

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...