ජනාධිපති ධූරයට නම් 3ක් යෝජනා වෙයි

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ධූරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර එම තිදෙනායි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර නිවේදනය කර තිබුණි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස නැගී සිටිමින් ප්‍රකාශ කරේ තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බවයි. එම යෝජනාව පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් විසින් ස්ථීර කරන ලදී.

රනිල් වික්‍රමසිංහගේ නම දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කර අතර එම යෝජනාව මනුෂ නානායක්කාර විසින් ස්ථිර කරන ලදී.

ජාතික ජනබලවේගයේ අනුර කුමාරගේ නම එපා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් ස්ථිර කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...