ජනාධිපති ධූරයට නම් 3ක් යෝජනා වෙයි

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ධූරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර එම තිදෙනායි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් තමන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට පෙර නිවේදනය කර තිබුණි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අවස්ථාවේ සජිත් ප්‍රේමදාස නැගී සිටිමින් ප්‍රකාශ කරේ තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බවයි. එම යෝජනාව පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් විසින් ස්ථීර කරන ලදී.

රනිල් වික්‍රමසිංහගේ නම දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කර අතර එම යෝජනාව මනුෂ නානායක්කාර විසින් ස්ථිර කරන ලදී.

ජාතික ජනබලවේගයේ අනුර කුමාරගේ නම එපා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින් ස්ථිර කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...