Breaking News

මොකක්ද මේ සර්ජෝර්නෝව පිළිබඳ කලබලේ

තීමස් විජිත්

මුලින්ම කිව යුත්තේ මෙය හදිසියේ මේ මොහොතේ සිදුවූ වෙනස් කමක් නොවන බවත් අප මාධ්‍ය ඔස්සේ අදාල කාල වකවානුව තුල ජනතාව දැනුවත් කිරීමට කටයුතු කල බවත් සහ කාට හෝ මේ මොහොතේ හදිසියේ ඇස ගැසී කල ප‍්‍රචාරයක් හේතුවෙන් සමහරු කලබල වී ඇති බවත්ය. ඒ නිසා එය නැවත පැහැදිළි කිරීමට උත්සහ කරමු.

2021 ජනවාරි 20වන දින ගෙනා නීති සංසෝධනයට අනුව එදින සිට නිකුත් කරන නව Permesso di Soggiorno සඳහා කල් ඉකුත් වන දිනයක් සඳහන් කල යුතුය.

එතැන් සිට නිකුත් කරණු ලබන්නේ කල් ඉකුත් වන දිනය සඳහන් කල Permesso di Soggiorno වක්ය.

නව ඩිජිටල් Permesso di Soggiorno ව තුල ඊට පෙර නිකුත් කල Permesso di Soggiorno Illimitato (UE) 2017/1954 /Permesso di Soggiorno Illimitato (CE) 1030/2002 හි අඩංගු නියාමන සියල්ල ඇතුලත් වේ.

ඒ අනුව එම සංසෝධනයෙන් පසුව නිකුත් කරනු ලබන සියලූ සර්ජෝර්න වල කල් ඉකුත් වන දිනයක් සඳහන් කරනු ලබයි.

මේ වන විට තමන් සතුව පවතින සර්ජෝර්නෝව අලූත් කල යුතුද?

එය සලකා බැලිය යුත්තේ 2021 පෙබරවාරි 01 දින වන විට ඊට වසර 10 සම්පූර්ණ වී තිබෙනවාද යන්න මතයි.

කෙසේ වෙතත් නව නීතියට අනුව නිකුත් කරණු ලබන ඩිජිටල් Permesso di Soggiorno lungo periodo (UE) හි වලංගු කාලය වසර 10කි. එනම් සෑම වසර 10කට වරක් එය යාවත්කාලීන කල යුතු බවයි. එසේ නැතුව එය පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝව මෙන් නැවත අදාල ලිපි ලේඛණ සියල්ල ලබාදී අලූත්කරවා ගන්නට කටයුතු නොකරන විට අවලංගු වන්නේ නැති බවයි.

ඒ අනුව තමන්ගේ නව ඡුායාරූපය හා වෙනස් වූ යමක් වෙතොත් (ගමන් බලපත‍්‍රය/පදිංචිය වැනි) ඒවා ඇතුලත් කර අදාල කිට් එක තැපැල් කිරීම ප‍්‍රමානවත්ය.

නව නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු අය වෙත නිකුත් කරනු ලබන Permesso di Soggiorno lungo periodo (UE) වලංගු වන්නේ වසර 5කි. ඒ අනුව ඒවා වසර 5න් 5ට යාවත්කාලීන කල යුතුවේ.

නව නීතිය සම්මත වන විට වසර 10 ඉක්මවූ ඒවා යාවත්කාලීන කර ගැනීම සඳහා වසරක සහන කාලයක් ලබා දුනි. එනම් 2022 පෙබරවාරි 1 දක්වා කාලය ලබා දුනි. ඔබගේ පහසුව තකා අප සඳහන් කලේ 2010ට පෙර හෝ ඒ ආසන්නයේ නිකුත් කල Ex Carta di Soggiorno Illimitato/ Permesso di Soggiorno lungo periodo (UE) සර්ජෝර්නෝ සියල්ල 2022 පෙබරවාරි 1 දිනට පෙර යාවත්කාලීන කර ගන්නා ලෙසයි.

නව ඩිජිටල් Permesso di Soggiorno lungo periodo (UE)ව රැඳී සිටීමේ බලපත‍්‍රයට අමතරව හැඳුනුම්පත ලෙසද භාවිතා කල හැකිය.

එහිදී සිහිතබා ගත යුතු එක් කොන්දේසියක් ඇත. එනම් එය හැඳුනුම්පත ලෙස භාවිතා කරන්නේනම් අනිවාර්යයෙන්ම වසර 5කට වරක් යාවත්කාලීන කල යුතු බවයි. එනම් හැඳුනුම්පත ලෙස එහි වලංගුභාවය වසර 5කි. ඊට අමතරව තම පුද්ගලික දත්ත වෙනස් වන අවස්ථාවන් වලද එය යාවත් කාලීන කල යුතුවේ.(Residenza, Numero di Passaporto, Stato Civile, Fotografia)

ඒ හැර එම අවස්ථාවේ අවම වාර්ෂික ආදායම (Reddito Minimo) හෝ සුදුසු නවාතැන් පහසුකම් (Disponibilità di Alloggio) පිළිබඳ තොරතුරු ලබා දිය යුතු නැත. එනම් යාවත්කාලීන කරනු ලබන අවස්ථාව වන විට ඉහත දැක්වූ කරුණු දෙකට අදාල සුදුසුකම් නොමැති වුවද සර්ජෝර්නෝව අවලංගු කල නොහැකි බවයි.
කෙසේ වෙතත් හැඳුනුම් පත ලෙස මෙය භාවිතා කරන විට ඊට අමතරව ආරක්ෂක අංශ විසින් වෙනත් හඳුනාගැනීමේ ලේඛණයක්ද ඉල්ලා සිටීමට ඉඩ තිබෙන බවද සඳහන් කරමු.

දිගුකාලීන ඩිජිටල් Permesso di Soggiorno lungo periodo (UE)ව අවලංගු කල හැක්කේ විශේෂිත අවස්ථා වල පමණක් වන අතර වෙනත් අවස්ථාවල ඒ වෙනුවෙන් පෙනීසිටීමට ඔබට අයිතිය තිබෙන බවද සඳහන් කරමු.

ඩිජිටල් Permesso di Soggiorno lungo periodo (UE)ව දරණ අය දැනගත යුතු කරුණු
  • එය කල් ඉකුත් වන්නේ නැති බව.
  • වසර 10න් 10යට යාවත්කාලීන කර ගත යුතු බව.
  • එය ඉතාලියේ ඕනෑම කාලයක් රැුඳී සිටීමේ බලපත‍්‍රය ලෙස භාවිතා කල හැකි බව.
  • එය හැඳුනුම් පත ලෙසද භාවිතා කරන්නේන ම් වසර 5න් 5ට යාවත්කාලීන කල යුතු බව.
තීමස් විජිත්

leave a reply