Breaking News

වෙනස් කොට සැලකීමට එරෙහිව කාබුල්හි කාන්තාවන් පිරිසක් උද්ඝෝෂණයක

පසුගිය දිනක තලේබාන් රජය ප්‍රකාශ කළේ පිරිමියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි.

වෙනස් කොට සැලකීමට සහ සමාජ අසාධාරණයට එරෙහිව කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි උද්ඝෝෂණ කළහ. “අපි වෙනස් කොට සැලකීමට වෛර කරනවා” යනුවෙන් සහ නීතිය ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම කාන්තාවන්ලි තලේබාන් පාලනයට එරෙහිව හඬ නගනු ලැබූවා .

පසුගිය දිනවල තලේබාන් රජය තීරණය කළේ පිරිමි ඥාතියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි. රටේ ද්විතීයික පාසල් බහුතරයක් ගැහැණු ළමයින් සඳහා තහනම් කළ අතර අගෝස්තු 15 වන දින තලේබාන් සංවිධානය බලයට පත් වූ පසු බොහෝ කාන්තාවන්ට නැවත රැකියාවට යාමට නොහැකි විය. මේ වන විට තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය කාන්තාවන්ගේ නිදහස සීඝ්‍රයෙන් යටත් වෙමින් පිරිමින්ගේ වහලූන් බවට කාන්තාවන් පත්වෙමින් සිටී.

 

leave a reply