ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් රඳවාගෙන දින 50ක්

වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක, පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රඳවා තබා ගෙන හෙටට (ඔක්තෝබර් 7) දින 50ක් සපිරෙයි.

මහියංගනය, දඹාන, උල්පත නිවාස පදිංචි මුදලිගේ වසන්ත කුමාර සහ මාතුපොල, පල්ලම පදිංචි ගුණතිලක සිරිවර්ධනලාගේ හෂාන් ජීවන්ත ගුණතිලකගේ කැලණිය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ නව හෙට්ටි වීදියේදී යතුරු පැදියකින් පලා යමින් සිටියදී අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත බවට පොලිසිය පැවසීය.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට වරදක් කළ බවට සැකය මත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතහි විධිවිධාන යටතේ ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරන බව පොලිසිය සඳහන් කළේය.

හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, නාරාහේන්පිට ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, 2022.06.09 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමේ චෝදනා මතයි.

අගෝස්තු 22 වනදා අත්අඩංගුවට ගත් උන්වහන්සේ එදිනම කොටුව පොලිස් ස්ථානයේ භාරකාරත්වයට පත් කෙරිණ.

අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 50948ට අදාලව පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි තලංගම පොලිස් ස්ථානය භාරයට මාරු කර යැවු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර වසන්ත කුමාර මුදලිගේ සහ හෂාන් ජීවන්තට එරෙහිව, කැලණිය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පැය 72ක කාලයක් පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගැණුනි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේහි 6(1) වගන්තිය ප්‍රකාරව වැඩිදුර විමර්ශන පැවැත්වීමේ අදහස මත පූර්ණ පරිමානයේ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයෙන් මෙම සැකකරුවන් දෙදෙනා දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගත්තේය.

එමෙන්ම පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් පැය 72ක කාලසීමාවක් තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබන ලෙසට මුළින් නියෝග කෙරුණු අතර, සැකකාර හිමිනමට එරෙහිව කෙරෙන විමර්ශන වලින් මතුව ඇති කරුණු අනුව පූර්ණ පරිමානයේ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මත දින 90 ක කාලයක් රඳවා තබාගෙන විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මොවුන් දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිසියට අනුමැතිය ලබාදී තිබුණි.

දැනට රැඳවුම් භාරයේ සිටින සැකකාර වසන්ත මුදලිගේගේ ජීවිත ආරක්ෂාව සහ සුරක්ෂිත බව සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිසිය වගකීමෙන් ක්‍රියා කළ යුතු බවටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත්තේ පළව ඇති මාධ්‍ය වාර්තා පදනම් කරගෙනය.

මානව හිමිකම් කොමිසම අවධාරණය කළේ, සියලුම පුද්ගලයන්ට නීතියේ සමාන ආරක්ෂාවට හිමිකම් ඇති අතර දේශපාලන මතය මත කිසිදු පුරවැසියෙකු වෙනස් කොට සැලකීම නොකළ යුතු බවයි.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...