Breaking News

අසූචි වලක ඉන්න මිනිස්සු ණය මුදලක් වෙනුවෙන් ප්‍රීතිඝෝෂා නගන්නේ ඇයි?

කලින් සූදානම් කර තිබුණු පරිදි IMF ණය වාරිකය ලැබෙන බව දැනගත් පසු  එක්සත් ජාතික පාක්ෂිකයන් ලවා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම ණය මුදලක් ලැබීමේ ප්‍රීතිය සමරන්නට රතිඤ්ඤා පත්තු කරන්න උපදෙස් දීලා තිබුණා. එදිනෙදා ජීවිතේ දන්න ඕනෑම මිනිහෙක් අත්විඳලා තියෙන, දන්න කාරණයක් තමයි ණයක් ගත්තොත් ඒක නැවත ගෙවන්න සිද්ධ වෙන බව. ඒ ණය ගෙවන්න බැරි වුණොත් ඒකට අදාල වන්දියක් ගෙවන්න සිද්ධ වෙන බව. අද රතිඤ්ඤා පත්තු කලේ මේ බව නොදන්න මිනිස්සු නෙවෙයි. ඒ තමන්ගේ ගෝත්‍රික නායකයා මොනවා කළත් නායකයාගේ පදේට නටන උන් ය.

ණයට මගුල් කන, ණයට ඉලව් කන, මිනිස්සු ඉන්න රටක  IMF ණය තමන්ට ගෙවන්න සිද්ධ වෙන බව හිතන්නේ නැතිව  තමන්ගේ ගෝත්‍රික නායකයා ගේ වීර ක්‍රියාවක් ලෙස හුවා දක්වන්නට කටයුතු කරන  පාක්ෂික මිනිසුන් කෙරෙහි  වෛරයකින් කෝපයකින් කටයුතු කළ යුතු නොවෙයි. ඒ ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණය විදහා දක්වන ආකාරයයි.  මේ රතිඤ්ඤා පත්තු කළා අයගේ දරුවන් ද ආර්ථික අර්බුදය හමුවේ බඩගින්නෙ ඉන්න ඇති. පාසැල් යන්න පොතපත මිලට ගන්න බැරුව ඉන්න ඇති.  අලුතින් වැඩි කල  විදුලි බිල් වාරික ගෙවා ගන්න බැරුව ණය වෙලා ඇති.  ඒත්  දේශපාලන සාක්ෂරතාවය  අහිමි මේ මිනිසුන්  තමන්ගේ වහල්භාවය පිළිබඳව වැටහීමක් නොමැතිව එසේ  ක්‍රියා කරන්නේ  කුමන හෝ සුළු ලාභයක් උදෙසා විය හැකියි.

මේ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාව සහ උනන්දුව තියෙන මිනිස්සු මේ ගැන කල්පනා කළ  යුතුයි.  එපමණක්ද නොව මේ මිනිසුන්ව දේශපාලනිකව දියුණු මිනිසුන් බවට පත්කළ යුතුයි.  මහලු රාජපක්ෂව නැවත අගමැති කරන්නට  පිරිසක් සූදානම් වන්නේ  සුළු වාසියක්  ප්‍රයෝජනයක් වෙනුවෙනි.

ඒත් මේ ඔලුවේ ස්නායු පණ නැති මහල්ලන් ව  රට පාලනය කරන්නට යවා ඇත්තේ මේ රටේ මිනිසුන්ය.  තවදුරටත් මෙරට පරිහානියට ගෙන යමින්  ජනතාව දුගී දුප්පත් කමට ඇද දමන්නේ මේ අතලොස්සක් වුණු  මහලු  දේශපාලන තක්කඩින් බව  බඩගින්නෙ සිටියත් රටේ බහුතරයක් මිනිස්සු තේරුම් ගෙන නැහැ.  ඒ ඔවුන් තවමත් අපි කියන දේ විශ්වාස කරන්න තරම් දේශපාලනිකව ශක්තිමත් වී නොමැති හෙයිනි. වික්‍රමසිංහ ණය ගත් විට ඒක වීර ක්‍රියාවක් ලෙස විග්‍රහ කරන්නට ඔවුන් ලැජ්ජා විරහිත ව පාරට බහින්නේ එහෙයිනි.

යළි යළිත් මේ ක්‍රියාවලින් හරහා අපට මතක් කර දෙන්නේ අපේ රටේ මිනිස්සු  තවමත් දේශපාලනික වශයෙන් ඉතා දුගී දුප්පත් තැනක සිටින බවයි.  රනිල්ව  ගහලා පන්නනවා වගේම ,මහලු රාජපක්ෂව  පෙට්ටියට දාලා ඇණ ගහනවා වගේම.  මෙ පාක්ෂික මෝඩ මිනිසුන් වත්  දේශපාලන සාක්ෂරතාවයෙන් පොහොසත් කිරීම හෙට දවසේ රට ගොඩනගන්න පෙරමුණ ගන්න ඉන්න සහ ඉල්ලන කාගේත් ප්‍රමුඛ කාර්යයක් බව සිහි ගත යුතුයි.

leave a reply